
(ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට)
මිලානෝ ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංස්කෘතික උළෙල ඊයේ ( 28 ) දින අති උත්කර්ෂවත් අන්දමින් මිලානෝ Piazza Del Cannone හි දී පැවැත්විය.
මෙම උළෙල ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික නර්තන, ගායන, සංගීතය හා විලාසිතා ශ්‍රී ලාංකික ආහාරපාන, දේශීය ආයුර්වේද ප්‍රතිකාර සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සම්බන්ධ ඡායාරූප ප්‍රදර්ශන , සංචාරක තොරතුරු හා සංචාරක මාර්ගෝපදේශ නියෝජිත කුටිවලින්ද සමන්විත විය.
ශ්‍රී ලාංකික අනන්‍යතාවන්,ශ්‍රී ලංකාවේ ගෝලීය වටිනාකම, එහි සුන්දරත්වය හා මානව ශිෂ්ටාචාරයේ අතීතය ඉතාලි ජාතිකයින් දැනුවත් කරමින් තමන් අත්දැකීමක් නොලැබූ සමාජයක් හා සංස්කෘතික් ගැන අලුත් අත්දැකීමක් ලබාදි ඉතාලි ජාතික සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමින් රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක උපාය මාර්ගයට ශක්තියක් විම මෙහි මූලික අරමුණ විය.
ඉතාලියේ ඉපදුනු එරට හැදුණු වැඩුණු ශ්‍රී ලාංකික දුවාදරුවන්ගේ උඩරට හා පහත රට සම්ප්‍රදායික නැටුම් බෙර වාදන හා සංගීත එහි පැමිණි විදේශිකයන් මවිතයට පත් කරමින් ඔවුන්ගේ ඇගයීමට ලක් විය.
ඉතාලි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකවේ විදේශ දූත මඩුල්ලක් විසින් සංවිධානය කල රටේ සංවර්ධනයට දායකවන හා සංචාරක ක්ෂේත්‍රයට අදාළව පැවැති එක්කම වැඩසටහන මෙම සංස්කෘතික උළෙල බව පැමිණි ශ්‍රී ලාංකිකයෝ පවසති.
ඈත් වී තිබුණ තම මිත්‍රත්වය නැවත අලුත් වුණ බවත් ශ්‍රී ලාංකික සංස්කෘතික නර්තන දැක තමා ඉතා සතුටට පත් වුණ බවත් අලුත් වූ මිත්‍රත්වය දිගටම පවත්වාගෙන යාමටත් ශ්‍රී ලංකාවට සෑම අයුරින්ම උපකාර කිරීමටත් තමන් කැපවන බවත් මෙම උත්සවය ඇමතු මිලානෝ මහ නගර සභාව නියෝජනය කළ එහි සංස්කෘතික කොමිසමේ සභාපති නාගරික මන්ත්‍රී ලූකා කොස්තාමාඥ මහතා පැවසීය.
මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩිලානී වීරකෝන් මහත්මියගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මිලානෝ මහා නගරසභාවේ පුර්ණ අනුග්‍රායෙන් කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීහු සංවිධානය කළ මෙම උත්සවයට ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මඩෝල්සිම බෞද්ධ මධ්‍යස්ථානාධිපති විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති මීරියබැද්දේ ගුණසිරි නාහිමිද, මිලානෝ ධර්ම නිකේතනාරාම විහාරාධිපති යුරෝපයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පැල්ගහතැන්නේ සීලවිමල නාහිමිපාණන් වහන්සේද, මිලානෝ ධර්ම නිකේතනාරාම විහාරාධිකාරි පූජ්‍ය ශාස්ත්‍රපති බඩල්කුඹුරේ ධම්මසිරි හිමිපාණන් වහන්සේද ය දුටුවැව උපරතන හිමිද වැඩමක අතර මිලානෝ කිතුණු සංඝයේ ආත්මික උපාධ්‍ය ප්‍රිරිංකි රෝසන් පියතුමාද විශාල ඉතාලි ජාතිකයෝ මෙන්ම අනෙකුත් විදේශිය ජාතිකයෝ ද එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද මේ අවස්ථාවට සහභාගි වූහ.






2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපේ සංස්කෘතිකාංග ඉතාලියේදී කලඑළිට
නිමල් Sunday, 29 October 2023 08:59 PM
අගය කළ යුතු වැඩක්
බද්රානි Monday, 30 October 2023 03:30 PM
ඉතාලියේ වෙසෙන, අඥාන ශ්‍රී ලාංකිකයින්ගේ පොකට් එකට තට්ටු කරන තවත් එක ව්‍යාපෘතියක් වගෙයි...ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට කොන්සියුලර් කාර්යාලයෙන් හෝ තානාපති කාර්යාලයෙන් ලැබෙන සහයෝගය ගැන මොකද කියන්නේ...? ලංකාවේ පවතින ඉතාලි තානාපති කාර්යාලය ලාංකිකයින්ට සලකන විදිහත් ඒ අය හොඳට දන්නවා ඇතිනේ... ලංකාවේ මාෆියා කාරයින්ගේ ග්‍රහණයේ පවතින ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් සේවයක් ලබා ගැනීමේදී ගෙවිය යුතු කප්පන් මුදල ගැන ඔය ව්‍යාපෘති කාරයෝ කතා කරනවාද..? මට නම් කියන්න තියෙන්නේ, ඔය ශ්‍රී ලාංකිකයින්ව ලංකාවේ වත් ඉතාලියේ වත් දැන් තුට්ටුවකට ගණන් නොගන්නා තත්ත්වයකුයි තියෙන්නේ... ඒ නිසා මහන්සි වී හරිහම්බ කරන යූරෝ මුදලින් ඉතාලියේ සුන්දරත්වයත් විඳගෙන, යුරෝපයේ වෙනත් රටවලටත් සංචාරය කරලා ඉතාලි ජනතාව මෙන් ලස්සනට ජීවත් වෙන්න... කොරෝනා වසංගතයෙදී, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් "මිනිස් බෝම්බ" ලෙස සැලකුවා මේ මෝඩයින්ට මතක නැතිව වගෙයි...