IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


‘‘අපේ දරුවන්ට අශිලාචාර දේ උගන්වන්න එපා‘‘

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

අපේ දරුපරපුරට අශීලාචාර දේවල් උගන්වන්න එපා. බටහිර ලෝකයේ දිරච්ච අශීලාචාර ක්‍රියා අනුගමනය කරමින් අපේ රටේ දිගු කළක් තිස්සේ පැවති ශීලාචාරත්වය විනාශ කර දැමීමේ ක්‍රියාමාර්ගය වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි මැල්කම් කානිදල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ   කීනදෙණියේ දී අද පැවසූහ.

පන්සලක් ආරම්භ කරපුවාම හිරගෙයක් වහන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ ආගමික සිද්ධස්ථාන වලින් කෙරෙන්නට ඕනේ කෙරෙන්නේ මනුෂ්‍යයාගේ සිත ජීවිතයේ දේවල්වල වටිනාකම ඔවුන්ට පහදලා දීලා වටිනාම දේවල් වෙත යොමු කිරීමයි.

ඒ විදිහට තමන්ගේ ජීවිතයේ ලස්සනට ජීවත් වෙන්න කියලා අන් අයට සතුටක් ගෙන දෙන විදිහට ආදරණීය ලෙස සැම දෙනාගේම සිත දිනාගෙන සැමදෙනාටම සේවය කරමින් ජීවත්වන්න කියලායි.

මනුෂ්‍ය ස්වභාවය ආත්මාර්ථකාමී ස්වභාවයක් ලෙස අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අපි හැමදාම ජීවිතය ගෙනියනකොට අපේ ආත්මාර්ථකාමිත්‍වයත් සමග අපි අරගලයක යෙදෙනවා. හරි දේ කරන්නට අපි කැමතියි. නමුත් බොහෝ විට අපි ඇදිලා යන්නේ වැරදි දේ වෙතමයි. ඒක මනුෂ්‍ය ස්වභාවයයි. බුදුහාමුදුරුවෝ මේකට කියලා තියෙන්නේ තණ්හාව කියලා. ඒ ඉගැන්වීමට අනුව දුකට හේතුව තණ්හාව තමන්ට ලබාගන්නට බැරි දේවල්වලට පවා ආසා කරමින් ඒවා පසුපස යෑම තුළ දුකක් අත්දකිනවා.

ජේසුස් වහන්සේ මේ කාරණාව හැඳින්වූයේ පාපයක් ලෙසයි. අනුන්ගේ දේ උදුරා ගැනීමට තියෙන ආශාව අපි හැමෝටම තියෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ එන්නට මාර්ගය තමයි අපේ ආගම් ශාස්තෘවරු අපිට කියලා දුන්නේ. යේසුස් වහන්සේ අපිට කියලා දුන්නේ ජීවිතය ජයගන්න මාර්ගය සේරම අතාරින්න පුරුදු වෙන්නයි.

නිදහස කියලා කියන්නේ තමන්ට කැමති විදියට කැමති දේවල් කරන්න පුළුවන් ශීලාචාරකමක් ශිෂ්ටාචාරකමක් නැහැ. ඕනේ හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා හිතන සමාජයක් ඇතිවේගන යනවා. ඒ වගේ සමාජයක අත්හැරීමක් ගැන හිතන්නටවත් බැහැ.

ශීලාචාරකම ඉගෙන ගත යුතු මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ අපේ කුඩා දරුවන්ට දැන් මේගොල්ලෝ ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා හයවෙනි වසරේ ඉඳලා අලුත් පාඨමාලාවක් හදාගෙන යනවාලු. ඒ වගකීම තියෙන්නේ මවුපියන්ට නේද. මේ දරුවන්ට ඒ වගේ දේවල් ගැන අවශ්‍ය වෙලාවට කියලා දෙන්නේ. දැන් අධ්‍යාපන ක්‍රමයෙන් මෙන්න මේ අධ්‍යාපනය කුඩා දරුවන්ට හයවෙනි වසරේ ඉදන් දෙන්න හදනවාලු. හයවෙනි වසර වෙනකොට ළමයකුට අවුරුදු එකොලහක් දොළහක් ඇති වැඩිම උනොත් මේ වයසේ දරුවන්ටත් මේවා කියලා දෙන්න යනවද.

මේවා අතර විශේෂයෙන්ම ඔය සමලිංගික සම්බන්ධතා ඇතිකර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට යනවලු. උත්පත්ති පාලනය පිළිබඳව දැනුම් දීමක් කරන්න යනවාලු . මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ අපේ රට විනාශ කරන්නට අර අඳින ජාත්‍යන්තර සංවිධානයි.

අලුත්වැඩියා කරන ලද ශුද්ධ වු ස්තේපන්මුණි දේවස්ථානයේ දේව මෙහෙය ආරම්භ කිරීමට පෙර පවත්වනු ලබන ආසිරි ගැන්වීමේ උත්සවය අමතමින් අගරදගුරු තුමෝ ඒ බව පැවැසූහ.



අදහස් (23)

‘‘අපේ දරුවන්ට අශිලාචාර දේ උගන්වන්න එපා‘‘

Indika Saturday, 08 November 2025 09:48 PM

අපොයි..ඉතින් ඔබතුලාම නේ මහමොලකරු හොයන්න ඔනේ කියලා මෙයාව පත් කරගත්තේ... ඇත්තටම ඔහේ දැන් මහමොලකරු ගැන කතා නොකරන්නෙ මහමොලේ හමුවුණාද? නැතිනම් අමතක වෙලාද?

:       4       0

කෞෂි Saturday, 08 November 2025 09:50 PM

කතෝලික ආගමත් ආවේ බටහිර රටකින්.

:       0       3

Don Saturday, 08 November 2025 10:05 PM

අනේ මේ ෆාදර් ඔයාලත් සංඝයා වගේ වෙන්න එපා. ලංකාවේ ළමා අපචාර ප්‍රමාණය දවසෙන් දවස ඉහළ යනවා. ඒ ගැන එයාලාව දැනුවත් කරන්නයි මේ වෑයම. ඔයාලා ඔයාලාගේ කාර්‍යය කරගෙන යන්න. ඕකෙදී ඒ වැඩේ කරන හැටි නොවෙයි කියලා දෙන්නේ, වැඩිහිටියන් පූජක පක්ෂය අතින් දරුවන්ට වෙන අකටයුතුකම් තේරුම් ගන්න ළමයාට උදව් කරන එකයි කෙරෙන්නේ...

:       1       4

saman Saturday, 08 November 2025 10:24 PM

බොරුව සහ වයිරය වපුරලා සිංහල බොදු නායකයා එලවලා දාන්න මෙයත් උදව් කළා. දැන් සැපද?

:       6       0

අම්බෝරෝස් Saturday, 08 November 2025 10:56 PM

ලිංගික අධ්‍යාපනය දෙද්දී සමාජ රෝග ව්‍යාප්තිය අඩු වෙන බවට පෙන්නන පරීක්ෂණ තියනවා. පාසල් වලට ඔය වගේ කාරණා ඇතුලත් කරන්නේ එහම පර්යේෂණ පදනම් කරගෙන. එහෙමත් තියෙද්දී කාදිනල් තුමා ඔය දේවල් උගන්නන්න විරුද්ධ මොකක්හරි දිව්‍යමය ඥානයකින් වැටහිච්චි දෙයක් හින්දාද? එහෙම දේව ඥාණයක් තියනවා නම් කොහොමද පාස්කු ප්‍රහාරයේ මහා මොලකාර රෙජිමයම බලයට ගේන්න, ඒ ප්‍රහාරයෙන් පීඩා වෙච්චි ජනතාවම උසි ගන්නන්නේ නේද? එතකොට මේ මතුවෙන්නේ ගතානුගතික පුද්ගලික මතයක්නේ. ඔය මත ඔබ වහන්සේම තියාගෙන, පාලකයින්ට ඒ ගොල්ලන්ගේ කාරිය කරගෙන යන්න ඉඩ දෙන්න. සර්වඥතාව අවබෝධ කරගත්තු බුදු හාමුදුරුවෝ වත්, රජ වරුන්ගේ තීරණවලට ඇගිලි ගහන්න ගියේ නෑනේ. ඒ වගේම ගණිකා මඩම් වහන්න, සුරාසැල් වහන්න, අඩුම තරමේ ජේතවනාරාමේ ඉස්සරහ තිබ්බ මස් කඩේ වහන්නවත්, සැලසුම් හැදුවේ නෑනේ. ඔබවහන්සේලාට කරන්ඩ පුළුවන් දෙවියන්ට තව සමීප වෙන එක. එහෙම වෙලා ජනතාවට දෙවියන්වහන්සේ අවබෝධ කර ගන්න මග පෙන්නන එක. එහෙම මග පෙන්නීමක් දීලා, ලිංගික අධ්‍යපනයක අවශ්‍යතාව නැති - ඒ කියන්නේ සමාජ රෝග හැදෙන්නේ නැති, අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවෙන්නේ නැති සමාජයක් හදන එක. නැතුව මේ කාලීන අවශ්‍යතා ගැන හිතලා පාලකයෝ ගන්න තීරණ...

:       0       3

Hiran Saturday, 08 November 2025 11:30 PM

ඔන්න ඇහෙනවද මිනිස්සු කියන දේවල්. නුඹලා එහෙම වුණාට කමක් නැහැ. පොදු මහජනතාව එහෙම කරන්න එපා.

:       0       0

Don perea Sunday, 09 November 2025 04:27 AM

ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්තට ඉඩදෙන්න.

:       0       0

Prabash Sunday, 09 November 2025 08:08 AM

ඔබ වහන්සේ මේ කියන දේ සහතික ඇත්ත...

:       9       2

janahitha Sunday, 09 November 2025 08:55 AM

ඕවා කරන්න මේ දිවයිනේ ඉඩ ලැබෙන්නේ නැහැ අගරදගුරුතුමනි.. මීට පෙරත් දකුණේ ඇමැතියෙක් ඕවා ගෙනෙන්න හැදුවා... බැරි වුණා... බොදු ජනතා නැගිටීම එකවර සිදුවෙනවා. කිසිවකුට එය මර්දනය කළ නොහැකි වනු ඇත.

:       9       3

සෙනෙවිරත්න Sunday, 09 November 2025 09:26 AM

මාලිමාව කරන්නේ රටේ සංස්කෘතිය විනාශ කරන බටහිර කොන්ත්‍රාත්තුවක් කියලා දැන්වත් තේරුම් ගන්න. මොවුන්ට සල්ලි ලැබෙනවා නම් ඕනෑම පාවාදීමක් කරනවා.

:       11       4

Tiran Sunday, 09 November 2025 09:46 AM

දැන් සැපද...?

:       8       1

MD Sunday, 09 November 2025 10:03 AM

ඔබ වහන්සේ පැලවත්ත කාර්යාලය ඇතුළටම ගොස් (මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන්ද සමඟ) මාලිමා ගොබ්බ රැලට දේශනාවක් දෙන්න. ඔබතුමාගේ හිතවතුන්නේ...

:       8       3

අරවින්ද මොණරවිල Sunday, 09 November 2025 10:07 AM

අගරදගුරු තුමෝ බොහෝම කාරුණිකව කියන්නේ, අනවශ්‍ය ප්‍රශ්න වලට අත දාන්න එපා! ඒ නිසා රටේ ජාතික වැදගත් කමක් තියෙන ප්‍රශ්න ජනතාවට විසදා ගන්න ඉඩ දෙන්න. ඒවාට මොනම ආගමික නායකයෙක් වත් මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද අද සමාජය තරම් ආගමික සංස්ථා අප්ඩේට් වෙලා නැහැ. එයාලා තවම ඉන්නේ දහ නව වෙනි ශත වර්ෂයේ, නමුත් වර්තමාන ලෝකය ඉන්නේ විසිවෙනි සියවසේ. ඒ ශතවර්ෂයට ගැලපෙන විදිහට අධ්‍යාපනයේ සෞඛ්‍ය, විද්‍යාව, සහ සමාජ අධ්‍යයනය වැනි විෂයන් සංවර්ධන කරලා නැහැ. අනිත් කාරණය ඔබතුමා කැමති වුණත්, නැතත් අද අලුත් දැනුම සොයා යන්නේ බටහිර රටවල් තමයි. ඒ දැනුම පසුපස ලෝකයේ අනිත් රටවල් වලට හඹා යන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නොකරන රටවල් වලට සිද්ධ වෙන්නේ ලෝකයෙන් විතැන් වු ග්‍රෝත්‍රිකයන් ලෙස ජීවත් වෙන්නයි. නමුත් අපේ රටේ බහුතරයක් ඒකට කැමැති නැහැ. ඔවුන් කැමති වර්තමානය ලෝකයත් එක්ක එකට ගැට ගැහිලා ගමනක් යන්නයි. එතැනදී විද්‍යාවේ නව දැනුම සමග එන මානව හිමිකම්, පරිසර සංරක්ෂණය හා සත්ව සුබසාධන වැනි සංකල්ප අපටත් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒවා බැහැර කරලා අපට ඕනෑ තැනින් විතරක් අල්ලාගෙන මේ ගමන යන්න බැහැ.

:       3       10

පාඨකයෙක්Sunday, 09 November 2025 05:06 PM

"වර්තමාන ලෝකය ඉන්නේ විසිවෙනි සියවසේ ..." එසේ නම්, අරවින්ද මොණරවිල තවමත් ජීවත් වන්නේ ශත වර්ෂ කාලක් පිටුපසින්ද? අන්‍යයින්ට දේශනා කිරීමට පෙර ඔබ 21 වන සියවසට පිය තබන්න...!

:       3       0

සමන් - ඕමානය Sunday, 09 November 2025 12:02 PM

අගරදගුරු තුමාගේ අදහස් ඉතා වැදගත්, සම්පූර්ණ ඇත්ත. මේ වර්තමාන පාලනයේ ඉන්න JVP (ජාන විකෘති පෙරමුණේ) හා මාලිමාවේ මොලේ කුරුවල් පිරිස, රටේ සංස්කෘතිය විනාස කරන්න ආපු, ජාතික මාමකත්වයක් නැති, ආගමට ගරහන කාලකන්නි හැත්තක්. තමාගේ තියන පෞද්ගලික මත හා අදහස් (සමරිසි, නිරාගමික, ජාත්‍යාලයක් නැති, LTTE ඩයස්පෝරාවේ සල්ලි වලට කෑදර) මුළු රටටම බලෙන් ආදේශ කරන අධමයින් පිරිසක්. මුන් බලයට ගෙනාපු එවුන් හා මුන් කරන දේ නිවැරදියි කියන ඩෝබි හා කසල ශෝධකයින් ද මෙයට වග කියන්න ඕනෑ.

:       16       9

අජිවේSunday, 09 November 2025 03:43 PM

බලය තියාගෙන ප්‍රශ්න නොවිසඳපු රට කාපු අය නිසා නේද මේ අයට බලයට එන්න මග පෑදුනේ. කවුද එතකොට මේ ඔක්කෝම තත්ව වලට වගකියන්න ඕනේ...?

:       3       8

Neel Sunday, 09 November 2025 03:39 PM

ඇට පිටින් ගැහුවාම ඔහොම හිතනවා.

:       2       9

රනේ Sunday, 09 November 2025 03:43 PM

තන්හාවේ හෝ ආශාවේ කෙලවරක් නැත. ජීවිතය අතහරින්නේද ඊට වඩා හොඳ භවයක් ලැබීමට ආසාවෙන් යුතුවයි.

:       0       3

Prabath Sunday, 09 November 2025 03:48 PM

මොවුන් කැලේ හැදිලා වැදිච්චි අයනේ. ඒකනේ ඒ ගැති පුරුදු කරලා එහෙටම යන්න කැබ් එහෙමත් ගන්නේ.

:       3       4

Janitha Sunday, 09 November 2025 03:48 PM

ඇත්ත කතාව. ඉස්සරහට ගැනු ළමයි, පිරිමි ළමයි යාළු වෙන එක හොඳයි කියලා ප්‍රමෝට් කරන්නත් වෙයි. මෙහෙම ගියොත්...

:       5       4

Roshan Sunday, 09 November 2025 04:03 PM

පාස්කු ප්‍රහාරය කරපු අයට සාධාරණය කරලා ඉවරද ආයුබෝවන්...?

:       2       2

Sarasi Sunday, 09 November 2025 04:43 PM

කුඩා ළමයෙකුට වුණත් ලොකු මිනිහෙක් තමන්ට කරන ලිංගික බලපෑම ගැන දැනුවත් විය යුතුමයි. ඒක තම නෑදෑයෙක්ද? ආගමික නායකයෙක්ද? ගුරුවරයෙක්ද? අදාල නෑ. වැරැදි නම් වැරැදියි. ඒ මුවාවෙන් දරුවන් බිල්ලට ගැනීමට නම් වැට බැදිය යුතුයි.

:       0       3

Frencis Fernando Sunday, 09 November 2025 05:14 PM

අගරදගුරුතුමාගේ අදහස හරි රටේ සාරධර්ම රකින්න කිව්වාම වෙලේ නැත්නම් පිට්ටනියේ උදේම පස්ස පෙන්නාගෙන නටන අයට නම් ඉවසාගෙන ඉන්න බැරි කතා වෙන්න පුළුවන් සමහර වෙලාවට අපිත් අකැමැති දේ කියෙව්වත් මේ කතාවේ වරදක් පේන්නේ නැහැ...

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 430 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2198 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site