IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

(අංජුල මහික වීරරත්න)

දෙපැත්තක දේශපාලනය කළත් අප අතර පෞද්ගලික වෛර තිබුණේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ  මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීය.

ලොහාන් රත්වත්තේ  මහතාගේ දේහය තැන්පත් කර ඇති මහනුවර මහයියාවේ නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

"මම ඒ කාලේ ඉඳන්ම ලොහාන් රත්වත්තේ  මැතිතුමා ගැන දන්නවා.අපි දෙපැත්තෙ ඉඳන් දේශපාලනය කළා.නමුත් අප අතර පෞද්ගලික වෛරයක් තිබුණේ නෑ.එමෙන්ම මා ජනාධිපති සමයේ එතුමා වැවිලි ක්ෂේත්‍රයේ ඇමතිවරයා ලෙස කටයුතු කළා. ඒ කටයුතු හොඳින් කළා.එතුමාට හොඳ දේශපාලන අනාගතයක් තිබුණා. නමුත් දෛවයේ හැටි මේක තමයි යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.



අදහස් (20)

අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

Pradeep Kumara Sunday, 17 August 2025 02:23 PM

ඔව් ඔව්.. දෙගොල්ලෝ අතරේ කිසිම විරසකයක් තිබුනේ නෑ, තියනවා කියලා ජනතාවට පෙන්නුවාට. ඒ නිසානේ චණ්ඩිකම් පෙන්වමින් හැසිරුනේ.. කිසි ගැටළුවක් නැතුව ඉන්න පුළුවන් වුනේ.. සොබා දහම ඔය අපූරුවට දඬුවම් දෙන්නේ.. අනිත් අයත් සූදානමින් ඉන්න...

:       95       163

ටිල්වින් සීයාSunday, 17 August 2025 02:48 PM

ඔව්, සොබාදහම දඬුවම් දෙයි කියන බය අපිටත් තියෙනවා. අපේ හිටපු ගෝනිබිල්ලෝ, දාර පච වපුරපු අය, ඩෝබිලා මේ සේරම දවසක ලොවෙත් නැතිවෙන්න කෙලවෙයි කියන බයෙන් තමයි ඉන්නේ...

:       58       147

පොඩිඑකාSunday, 17 August 2025 05:05 PM

ඔව් ඔව්, හැබෑම නේන්නං, තමංගේ පැත්තේම හිටපු එවුන්ට තමයි බල තන්හාවට වෛර කරලා යසට තිබ්බ පක්ෂෙත් කාබාසිනියා කලේ...

:       35       71

වින්සන්ට් කජ්ජා Sunday, 17 August 2025 02:36 PM

කරුමේ කියන්නේ මීට සෑහෙන කාලෙකට කලින් යන්න තිබුණු අය තවම ඉන්නවා. ඒ වගේම තාමත් රටේ සල්ලි කනවා...

:       31       98

යෝගා Sunday, 17 August 2025 02:36 PM

වෛරයේ උපත ජේවීපී. කාඩර්ලටත් වඩා වෛරයකින් පෙලෙන්නේ කුලියට ලියන අය. හැබැයි ඔවුන්ගේ වෛරය කවුරුත් ගණන් ගන්නේ නෑ. නිකන් පච වෙනවා.

:       79       176

ප්‍රියා Sunday, 17 August 2025 03:07 PM

බෙදාගෙන බංකොලොත් කරපු අය හොඳයි. විවේචන කරපු අය නරකයි. ඔක්කෝම යාළුවෝ මල්ලී.

:       82       70

Shantha Sunday, 17 August 2025 02:41 PM

ඕක කියන්න දෙයක් නෑ. අපි දන්නවා ඔහෙලා ඔක්කොම එක වල්ලේ පොල් කියලා. ඒකනේ රටම බංකොළොත් කළේ... අන්තිමට ජනතාව පයින් ගහලා එලෙව්වේ...! ඒකවත් තේරුම් ගන්න දැන්වත්...

:       71       69

Nickon Sunday, 17 August 2025 03:08 PM

ඔක්කොම යාලුවෝ මල්ලී කියලා රන්ජා කියන්නේ ඒකනේ. උං ඒ කොණෙන් කෑවා, මෙයා මේ කොණෙන් කෑවා. බොරුවට කජු කකා පාර්ලිමේන්තුවේ ගෝරි දාගත්තා. බඩට කොස්පොතුවත් නැති මහජනයාට පේන්න. දෙගොල්ලන්ම තර වුණා. මෝඩ මහජනයා කොර වුණා...

:       64       63

Perera Sunday, 17 August 2025 03:13 PM

දෙපැත්තකට වෙන්නේ කොහොමද? සිලින්ඩරෙන් තරග කරපු මෙයා වෙනුවෙන් ස්ටේජ් වල කතා කළේ නෑ...

:       42       31

tissa Sunday, 17 August 2025 03:36 PM

ඔය හින්දා තමයි කොයි පැත්ත ආවත්, අපි දෙගොල්ලෝ ආරක්ෂා වෙලා හිටියේ...

:       39       60

nihal Monday, 18 August 2025 08:02 AM

ඒක තමයි ලොක්කා... මේ ඔක්කොම යාළුවෝ කිව්වේ... නොදැනීම ඇත්ත කියැවෙනවා.

:       7       30

Lelwala Thursday, 28 August 2025 11:16 AM

සතුරා හදුනා නොගෙන සතුරා සමග මිතුදම් ඇතිකර ඹහුන් ඔසවා තැබිමේ වරද.

:       1       4

m. saman perera Sunday, 31 August 2025 09:31 AM

කොහොමත් තිබුණේ දිව දෙකේ ප්‍රතිපත්ති. දැන් මිනිස්සු ඔබලාට කැමැති නැහැ....

:       2       12

Namaya nodirayi Sunday, 31 August 2025 12:06 PM

ලොහාන් රත්වත්ත හින්දා තමයි මුස්ලිම් අන්තවාදීන්ගෙන් මහනුවර නගරය බේරුනේ. ඔය උඩුතලවින්න මැරුණු එකෙක්වත් මහනුවර දිස්ත්‍රිකකයේ එවුන්වත් නෙමෙයි. ඔවුන් ඔක්කෝම රවුෆ් හකීම්ගේ සන්ගමන් කන්දේ, මඩකලපුවේ, අරුගම්බේ, කල්මුනේ හිටපු අන්තවාදීන්. ඔවුන් තමයි ඉස්සෙල්ලාම පොල්ගොල්ලේදී ලොහාන්ගේ ආධාර කරුවන්ට ගැහුවේ. ඔවුන් හිතුවේ සිංහල මිනිස්සු එදා මුස්ලිම් කඩ ගිනි තියලා ජාති බේදයක් පටන්ගනියි කියලා. ඒත් ලොහාන්ගේ තියරි එක ගැහුවොත් මරනවා තියරිය නිසා ඔවුන්ව මරලා දාලා නුවර බේරාගත්තා. නැත්නම් අද දළදා වහන්සේ වැඩ ඉන්නේ මුස්ලිම් පල්ලියක් ඇතුලේ කියලා මතක තියාගන්න. අරගල කාලේ ලොහාන්ලගේ මයිලකටවත් එකෙක්වත් අත තිබ්බේ නැහැ. නවක මන්ත්‍රී කෙනෙක් හැටියට මහා මැතිවරනේදී මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබුනේ ලොහාන්ට. චන්ඩිකම් කරත් කවදාකවත් හොරකම් කරේ නම් නැහැ. තියෙන දේපලත් විකුණලා තමයි දේශපාලනය කරේ. හැබැයි මහින්දලා හොඳට ලොහාන්ව පාවිච්චි කරා. අන්තිමේදී බුලත් හපයක් වගේ විසිකරලා දැම්මා. ලොහාන් ඔබට නිවන් සුව...

:       13       7

janahitha Monday, 08 September 2025 02:36 PM

ඔහු සිටිය යුතුව තිබුණා... මහනුවර නියෝජනය කළ නායකත්වය දැරූ පවුලකින් පැවත එන අයෙක් පෙන්වා දුන්විට ඔහු නිහඩ වුණු හොරෙක් නොවේ... දැඩි ගති පැවතුම් ඇති නායකයෙකි...

:       7       3

janahitha Monday, 08 September 2025 02:39 PM

ලොහාන් මහතා හිටියා නම් ...

:       5       2

Shashitha Monday, 22 September 2025 07:51 AM

ඔයාලට දෙපැත්තක් නෑ තමයි, එක පැත්තක හිටපු එකෙක් ඉන්නවාද? ඔක්කොම බෙදාහදාගෙන කෑවනේ...

:       0       5

Mahajanathawa Monday, 22 September 2025 04:15 PM

ඇති, දැන් ඔබේ ජීවිතයේ අවසාන කොටස භුක්ති විඳින්න... ඔබ රටට කළ දේ අපි දුටුවෙමු... මිනිසුන් ඔබට තවත් අවස්ථාවක් ලබා නොදෙනු ඇත.

:       1       5

Lalith Saturday, 27 September 2025 12:36 AM

දෙපැත්තක උන්නා කිව්වට අපට පෙන්නන්නේ දෙපැත්තක ඉදලා තියෙන්නේ.. ? දෙගොල්ම එක පැත්තනේ නේද? බබා පාට් දාන්න එපා තවත්..?

:       0       5

lalith Wednesday, 01 October 2025 03:28 AM

ඒකනේ, දෙපැත්තට බෙදිලා එකගෙයි කාගෙන උන්නු එක... මේ අය ඇවිත් විනාශ කළානේ...? නැතිනම් මොන තරම් සාමදානෙන් ඉන්න වෙලේ අපි පැත්තකට වෙලා උන්නනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 791 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 919 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 379 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site