IMG-LOGO

අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය

තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉරාන ජනාධිපති අවධාරණය කර ඇත.

ට්‍රම්ප් ජයග්‍රහණය කළේ පසුගිය නොවැම්බර් මාසයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙනි. ඊට පෙර, ජනාධිපතිවරණ රැලි අතරතුරේ ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ ගැනුණි. 

ඉකුත් ජූලි මාසයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් නුවර එළිමහන් වේදිකාවක ජනරැළියක් අමතද්දී, ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ කන් පෙත්ත ද තුවාල විය. ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී වෙඩි තබා ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා මරා දැම්මේය.

මෙම ඝාතන සිද්ධි සම්බන්ධයෙන් සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශයට දෝෂාරෝපණ එල්ල විය. ඒ, ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවටය. ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් එෆ්.බී.අයි. කාර්යාංශය මැදිහත් වී විමර්ශන සිදු කළ අතර, එහිදී එම කුමන්ත්‍රණ පසුපස ඉරානය සිටිනවා යැයි අනාවරණය කළේය.

ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවන් ලෙස, ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ ඉරාන ජාතිකයන් කීප දෙනකු හඳුනාගෙන ඇති බව ද එෆ්.බී.අයි. පරීක්ෂකයෝ වැඩි දුරටත් පැවැසූහ.

එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන්, ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයට ඉරානයේ කිසිදු සම්බන්ධයක් නැති බවත්, ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානයට කිසිදු ඕනෑකමක් නැති බවත්ය.

ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකන් ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී, ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ අතිරේක හමුදා බලඇණියක් ලෙස ද සැලකෙන කුද්ස් බලඇණියේ ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට අණ දුන්නේය. සුලෙයිමානී ඝාතනයත් සමඟ ඉරාන විප්ලවීය හමුදාව ට්‍රම්ප්ගෙන් පළිගන්නා බවට ප්‍රතිඥා දුන්නේය.

ඉරානය බිය පළ කරන්නේ, ට්‍රම්ප් ලබන 20 වැනිදා දිවුරුම් දීමෙන් පසු ඊශ්‍රායලය සමඟ එක් වී, ඉරානයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගනු ඇති බවටය. ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ට්ඉරාන ජනාධිපතිවරයා උත්සාහ ගන්නේ මේ නිසාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 479 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 915 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site