
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2026 අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව සකස් වී ඇත්දැයි ඇස්තමේන්තු කිරීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති අයවැය ලියකියවිලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමාලෝචනය කරමින් සිටින බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
එම ඇස්තමේන්තුව පස්වැනි සමාලෝචනයේ වැදගත් කොටසක් වනු ඇතැයිද කොසැක් මහත්මිය පැවැසුවාය.
ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ඉදිරි සතිවලදී සාකච්ඡාවට ගනු ඇතැයි කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල එකඟතාවයකට එළැඹි බවත් ඉදිරි සතිවලදී කාර්ය මණ්ඩල එකඟතාව විධායක කමිටු අනුමැතිය සඳහා යොමු කරනු ඇති බවත් ඇය පැවැසුවාය.
පස්වැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 347 ක මුදලක් හයවැනි වාරිකය ලෙස මෙරටට ලැබෙනු ඇති බවද ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වීමට තිබෙන හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවද ඇය පැවැසුවාය.
අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු පැති කීපයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනාගෙන තිබෙන බවද කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.
වෙළෙඳාම ලිහිල් කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මෙරට රජය අවධානය යොමුකළ යුතු බවත් සෘජු විදෙස් ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඇති රෙගුලාසි වැඩි දියුණු කිරීමට මෙන්ම විධිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටද රජය අවධානය යොමුකළ යුතු බවත් සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය පැවැසුවාය.
එසේම රාජ්‍ය පාලන සැලසුමේ ඇති රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමද අත්‍යාවශ්‍ය කරුණක් බව කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය. ඒ අතරට ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ මෙන්ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ප්‍රතිසංස්කරණ අයත්වන බව ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාව ඉදිරියට යාමේදී දැඩි අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවද ඇය පෙන්වා දුන්නාය. සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රම ගැඹුරු කිරීමට ඉඩකඩ තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය.
2025 නොවැම්බර් මස 04
781
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2426
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපේ අයවැය ගැන අයි.එම්.එෆ් සමාලෝචනයක
අරවින්ද මොණරවිල Saturday, 15 November 2025 02:21 PM
ආයේ මොනවා හොයලා බලන්නද මැඩම් වැඩ බැරි මෙලෝ හසරක් නොදන්නා පච කුමාරයාගේ ආණ්ඩුව මූල්‍ය අරමුදල ලියලා දුන්නා... ලියැවිල්ල ඉස්පිල්ලක් පාපිල්ලක් වරද්දන්නේ නැතුව හරියට කියෙව්වා...