
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ (පාලන) ඩබ්.යු.කේ.කෘෘස් මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරී ඕ.බී.ජේ ද සිල්වා මහතා පත් කර ඇත.
2025 මාර්තු 10 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති නිරීක්ෂණයන්ට අනුව එම රෝහලේ සැලකිය යුතු පරිපාලන ඌනතා පසුගිය වසර කිහිපයක් පුරා හඳුනා ගැනීමට ලැබී ඇති බවත්, එමෙන් ම රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයීම, රෝහලෙහි ස්ථාවර හා ජංගම වත්කම් සම්බන්ධව නිසි කළමනාකරණයක් දක්නට නොමැති වීම ආදී හේතු නිසා මෙම තත්ත්වයන් උද්ගත වී ඇති බවට වාර්තා වන බැවින් මේ සම්බන්ධව විමර්ශනයක් කර වාර්තාවක් සැපයීම සඳහා ඉහත කමිටුව පත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කර ඒ සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශයන් ද ඇතුළත් ව 2025 මාර්තු 24 දිනට පෙර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද විමර්ශන කමිටුවට දැනුම් දී ඇත.
COMMENTS
මෙම රෝහල මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නේද පාලනය වෙන්නේ...? එතකොට මෙම රෝහල ඔබලාගේ අධීක්ෂණයට මෙතෙක් ලක්වුණේ නැතිද? සිද්ධියක් වුණාට පස්සේද අඩුපාඩු දකින්නේ?
ඔබතුමා නිවැරැදියි.. දොස්තරලාගෙන් රෝහල බේරා ගැනීමේ තත්වයක් තමයි උදාවී තිබෙන්නේ... මතකයිනේ, මීට කාලෙකට කලින් කුරුණෑගල රෝහලේ පරිපාලක අධ්‍යක්ෂකලා නටපු නාඩගම..? GMOA මාෆියා කල්ලිය ප්‍රමුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අනෙකුත් තක්කඩි සංගම් කල්ලි ගැන මීට වඩා දැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඔය කමිටු ගැන නම් අපිට විශ්වාසයක් නැහැ.
ඔය කමිටුවත් ඔහේ බලබල ඉඳියි.
අනුරාධපුර විතරක් නොවෙයි රට පුරාම රෝහල්වල අධ්‍යක්ෂවරු සමග කතා කරලා තියෙන්නේ අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරගන්න..!
මේක එකක් වුනාට ලෝකේ අන්තිමට වෙච්ච දෙයක් වගේ නේද???අපේ පහත් තත්වය ශක්තිමත් නෑ, එල්ලිලා මැරෙන සිස්ටම් එක ආපහු ගේනවා,,,නැත්නම් සෞදිය පහත් තත්වයට ගේනවා,,,අපේ පහත් තත්වය නිසා අපේ රට කවදාවත් හොඳ වෙන්නේ නෑ,,,මිනිස්සු මෙච්චර මිනිස්සු මරපු බවට හැමදාම ආරංචි යනවා, කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ වගේ නේද?????
ඔය තුන්දෙනාට බැට්මෑන්, ස්පයිඩර්මෑන්, අයන්මෑන් සූට් තුනක් මහල දුන්නනම් එක හොරෙක්වත් පැත්ත පලාතෙ එන්නෑ. දොස්තරලත් වෙලාවට වැඩට එයි. ස්ට්‍රයික් අහන්ඩවත් නැතිවෙයි
මේකේ ඉන්න ආරක්ෂකයෝ සද්දේ දාන්නේ ලෙඩ්ඩු බලන්න එන අහිංසක මිනිස්සුන්ට විතරයි
මෙි ගොන් හැත්තට තේරෙන්නෙ නැද්ද රට පුරාම රෝහල් වල ආරක්ෂාව මදි කියලා
බන්ටි මේ කමිටූවෙ සභාපති කරමූ. මෙයා අපේ කෙනෙක්. අපි දිනවන්න වැඩ කළා.
භද්‍රානි, ඔබ අපායටද යන්න හදන්නේ...? ඔච්චර බද්ධ වෛරයෙන් ඉන්න එපා. අනිත් මිනිස්සු අවුස්සන්නත් එපා. අනිත් අයටත් හොඳ නෑ.
දැන් බලන්න සෞඛ්‍ය ලේකම්වරු කාලෙන් කාලෙට මාරුවෙන් මාරුවට පත්වෙනවා.