IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අපලය දුර කරන්න ගිහින් අපලය පාත් වෙලා

(පී.ගාර්දියවසම්)

අපල දුර කර ගැනීම සඳහා සිය ආච්චි අම්මා සමග වීරවිල ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දේවාලයකට ගිය කුඩා දරුවකුගේ අත පිළිස්සී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 

අපලය දුර වෙන්නැයි ප්‍රර්ථනාකර  පූජා පවත්වා අනතුරුව පූජාව පැවැත් වූ විහාරාධිපති හිමි කපුරු පෙත්තක් දරුවාගේ අල්ලමත තමා එය දැල්විම නිසා දරුවාගේ දකුණු අත තදබල ලෙස පිළිස්සී ඇතැයි ද පොලිසිය කියයි.

පිළිස්සුණු තුවාල සහිතව දරුවා වීරවිල රෝහලටත් එතැනි හම්බන්තොට රෝහලටත් ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. විහාරාධිපති හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (4)

අපලය දුර කරන්න ගිහින් අපලය පාත් වෙලා

Pradeep Kumara Thursday, 18 May 2023 09:54 AM

අනේ මෙහෙමත් භික්ෂූන් වහන්සේලා. නායක හිමිවරුන්ට බැරිද මේ වගේ අය වෙනුවෙන් විනයානුකූල පියවර ගන්න. ඒ වගේම අන්ධ විශ්වාස වල එල්බගෙන ඉන්න උපාසක අම්මලා. මේ දෙගොල්ලන්ටම බෞද්ධ දර්ශණය නිසි වැටහීමක් නෑ වගේ.

:       1       22

Bunny Preena Thursday, 18 May 2023 09:57 AM

දරුවාට ලොකුම අපලය වෙලා තියෙන්නෙ ආච්චි අම්මා සහ දේවාලය පවත්වාගෙන යන හාමුදුරුවොයි.

:       0       11

ලුම්බිණි Thursday, 18 May 2023 10:27 AM

බුදු දහම නොදන්නා හාමුදුරුවරු තමයි අද ඉන්නේ.

:       0       21

ආවී බාබා Friday, 19 May 2023 07:07 AM

දේවාලය ගානේ යන මිනිස්සුන්ට මෙවා හොඳ පාඩමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site