IMG-LOGO

අ‘පුර හදවත් රෝගීන් වැඩි වෙලා

(උපුල් හේරත්)

අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද හදවත් රෝගීන්ගේ ප්‍රමාණය හා මිය යන ලද සංඛ්‍යාව පෙර වර්ෂවලට වඩා මේ වසර තුළ ඉහළ අගයක් ගෙන ඇතැයි රෝහල් ලේඛන උපුටා දක්වයි.

2021 හා 2022 යන වර්ෂවල හදවත් රෝගීන් පමණක් එක් වසරකට නේවාසිකව ප්‍රතිකාර ලැබූ ප්‍රමාණය හාර දහසක්, පන්දහසක් අතර අගයක් ගෙන තිබූ බව රෝහල් අධ්‍යක්ෂවරයා කියයි.

මෙම වසරේ ජනවාරි පළවැනි දින සිට අගෝස්තු දහ වැනි දින දක්වා කාලය තුළ රෝගීහු 4376ක් වාර්තා වෙති. ඉන් රෝගීහු 343 දෙනෙක් මියගොස් සිටිති. ඉකුත් වසරේ රෝහල්ගත වූ ප්‍රමාණයට සාපේක්ෂව මෙය  ඉහළ අගයක් බව රෝහල සඳහන් කරයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පමණක් මෙම පිරිස වාර්තා වී ඇති අතර ප්‍රාදේශීය රෝහල්වලට හෘද රෝගීන් ඇතුළත් වන්නට ඇතැයි වෛද්‍යවරු අනුමාන කරති. පවතින දැඩි උණුසුම හා එම හේතුවෙන් සිදුවන විජලනය, ආහාර රටාවේ දුර්වලතා ව්‍යායාම නොමැතිකම හා විශේෂයෙන් මානසික ආතතිය මෙවැනි රෝග වැඩි වීමට හේතු වනු ඇතැයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.

දැඩි උණුසුමක්, පවතින ආර්ථික අවපාතයත් දුර්වල ආහාර රටාවත් සැලකිල්ලට ගෙන විශේෂයෙන් හදවත් රෝගීන් ආරක්ෂා විය යුතු බවත් ළඟම ඇති රෝහලේ වෛද්‍ය වරයෙකුගෙන් නිසි උපදෙස් ලබා ගත යුතු බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය.

 



අදහස් (0)

අ‘පුර හදවත් රෝගීන් වැඩි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site