IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අ‘පුර සාත්තු සේවක සේවිකාවෝ 2ක් ගුටි ඇන ගනිති

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකම වාට්ටුවක සේවයේ නියුතු සාත්තු සේවකයකු හා සාත්තු සේවිකාවක අතර සිදුවු බහින් බස්විමක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම  ප්‍රතිකාර සදහා රෝහල් ගතවි ඇතැයි රෝහල් පොලිසිය කියයි.

මෙසේ රෝහල් ගතව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හතේ වාට්ටුවේ සේවයේ දෙදෙනෙකි.

සාත්තු සේවකයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකළොස් වැනි වාට්ටුවේද සාත්තු සේවිකාව හතළිස් වැනි වාට්ටුවටද ඇතුලත්ව සිටිති.

මෙම සාත්තු සේවිකාව සහ සාත්තු සේවකයා අද (20)දින හතේ වාට්ටුවේ සුළු සේවකයන් සදහා වෙන්කර ඇති කාමරයේදි උදැසන ආහාර ගනිමින් සිටියදි රාජකාරි ප්‍රශ්නයක් මුල්කර ගනිමින් සිදුවු බහින් බස්විමකින් පසුව එය ගුටි හුවමාරැවක් බවට පත්ව ඇතැයි පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා එකිනෙකාට විරැද්ධව පහර දුන් බව පවසමින් රෝහල් ගතව සිටිති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවිර මහතා ගෙන් සිදුකළ විමසුමේදි අධ්‍යක්ෂකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇති බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් මුලික විමර්ෂණයක් සිදුකිරිමෙන් පසුව ඔවුනට විරැද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවකි.



අදහස් (1)

අ‘පුර සාත්තු සේවක සේවිකාවෝ 2ක් ගුටි ඇන ගනිති

යෝගා Tuesday, 20 June 2023 01:15 PM

ඊයේ දොස්තරලා ගුටි ඇනගත්ත, අද සාත්තු සේවකයන්, හෙට ලෙඩ්ඩුත් මරා ගනියි වගේ. අනුරාධපුර රෝහලේ සෙට් එකට අමු කැවිල වත්ද ?

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site