IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අපුරේ පොලිසියේ දෙදනෙකුගේ වැඩ තහනම්

(බී.ජී. චතුරංග)

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ සැකකරුවන් රඳවා තබන සිර මැදිරියෙන් රැඳවියෙකු පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන්, එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා සැරයන්වරයෙකුගේ  වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.

මෙලෙස අද (09)වන දා දිනයේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ කාර්යභාර නිලධාරියා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ උපසේවා නිලධාරියා ලෙස කටයුතු කළ සැරයන්වරයෙකුගේ ය.

පොලිස් සිර මැදිරියෙන් පලා ගොස් ඇත්තේ අනුරාධපුර, සමගිපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු, සති දෙකකට පෙර අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදි බියගන්වා රුපියල් තිස් දහසක මුදල් කොල්ලකෑමේ  සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටිය දී ඔහු හෙරොයින් මත්කුඩු  සමඟ ද (7දා)  අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ(08)වන දා  අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද, පෙරේදා(07)වන දින රාත්‍රියේ දී මෙලෙස සිර මැදිරියෙන් පලාගොස් තිබුණි.



අදහස් (0)

අපුරේ පොලිසියේ දෙදනෙකුගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 107 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site