(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල්වල දෙවන වාර පරික්ෂණය සදහා කලාප කාර්යාලයෙන් මුද්‍රණය කොට පාසල් සදහා නිකුත් කරනු ලැබු 10 වන ශ්‍රේණියේ ගණිතය ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සිසුන් අතට පත්විම නිසා එම විභාගය නොපවත්වා ලබන 22 වැනි දාට කල් දැමූ බව අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යක්ෂ මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
10 වන ශ්‍රේණියේ ඉගෙණුම ලබන සිසුන් සදහා දෙවන වාර පරික්ෂණය සදහා මෙම ගණිතය ප්‍රශ්න පත්‍රය පළමු හා දෙවන වශයෙන් කොටස් දෙකකින් මුද්‍රණය කොට පාසල් වෙත භාරදි තිබුණි.
අනුරාධපුර කලාපයේ පාසල් සිසුන් ගණිත විෂය සදහා අද දින පෙනි සිටිමට නියමිතව තිබුණි. එහෙත් එම ගණිත ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර සිසුන් අතට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.
අනුරාධපුර කලාපයේ පාසල් 106 ක අධ්‍යාපනය ලබන සිසුන් සදහා දෙවන වාර පරික්ෂණයේ ගණිතය විෂය සදහා ප්‍රශ්න පත්‍ර 5,000 ක් පමණ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මුද්‍රණය කොට තිබුනා.විභාගය පැවැත්විමට නියමිතව තිබුනේ අද(19) එහෙත් එම ගණිතය ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප් මාර්ගයෙන් කල්තියා සිසුන් අතට පත්ව ඇතැයි ද ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අ‘පුර ගණිත පේපරේ කලින් පිටවෙලා
සමන්තා Monday, 19 December 2022 03:12 PM
ගොම රිටි යටට ගොස් තිරිවානා වතුරේ පාවෙන කාලයක් දැන් උදාවෙලා තියෙනවා. අදක්ෂ ළමුන්ට කලින්ම ප්‍රශ්න පත්‍රය දීලා විභාගයෙන් දක්ෂයින් කරනවා. උපකාරක පන්ති පවත්වා සමහරක් ගුරුවරු ගණිතයට විද්‍යාවට දක්ෂයින් ලෙසට සමාජයේ ප්‍රචාරයක් ගෙනයනවා. මෙහෙම සමත්වෙන දරුවන් ජාතික මට්ටමෙන් අසමත් වුණාම අභියාචනා යවන්නේ පාසලේම හිටපු දක්ෂයා කියලා.. කොහොමද ටිකිරි මොළේ... මොකක්ද රටට වෙන්නේ? නුවණැත්තෝ සිතත්වා...
jayaMonday, 19 December 2022 05:00 PM
අනිවා... වාර විභාගෙක ප්‍රතිඵල හොරකරලා අරන් ඇති ප්‍රයෝජනේ මොකද්ද? අපේ මිනිස්සු, දරුවෝ මෙච්චර මෝඩද?