(උපාලි ආනන්ද)
විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් අත්හිටුවමින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය කඩකර ඇති බව තහවුරු වුවහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරුමැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬවම් පමුණුවන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ශ්‍රීනාත් ගුණසේකර මහතා විවෘත අධිකරණය හමුවේ අද පැවැසීය.
අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සහ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට මහාධිකරණ විනිසුරු එලෙස දැඩිව ප්‍රකාශ කළේය.
නාච්චාදූව කළුවල සේන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා නීති විරොධීව ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක්කරමින් අනුරාධපුර මහාධිකරණය හමුවේ පවා තිබූ නඩුවක් යළි විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කාර විදුහල්පතියර වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහාධිකරණ විනිසුරු එසේ පැවැසීය.
පෙත්සම්කාර විදුහල්පතිවරයා වෙනුවෙන් දරුණු දැක් වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිව ගුණරත්න මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර විදුහල්පතිවරයාට ලබාදී ඇති ස්ථාන මාරු අත්හිටුවීමේ තහනම් නියෝගය කඩ කරමින් ස්ථාන මාරුවක් ලබා දී ඇති බව අධිකරණය හමුවේ කියා සිටියේය.
එම කරුණු සලකිල්ලට ගත් විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා සඳහන් කළේ වගඋත්තරකාර නිලධාරීන් අධිකරණයට කැඳවන තුරුර නඩුව අඟලක් හෝ සෙලවීමට සූදානම් නැති බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝගයකට අනුව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇතුළු අධ්‍යාපන බලධාරීහු විනාඩි කීපයකින් අධිකරණයේ පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුර අධිකරණය අධ්‍යාපන බලධාරීන්ට දෙහි කපයි