IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අප්‍රේල් වැටුප ගෙවීම පිළිබඳව යළි සාකච්ඡා

(විනීතා එම් ගමගේ)

කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් වසා දැමීමට සිදුවූ කම්හල්වල සේවක සේවිකාවන්ට අපේ‍්‍රල් මස වැටුප ගෙවීම පිළිබඳව සියලූ වාණිජ මණ්ඩල සමඟ එක්ව සාකච්ඡා කොට යම් යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත් කිරීමට හාම්පුතුන්ගේ සම්මේලනය එකඟ වූ බව කම්කරු අමාත්‍යංශය පවසයි.

නිපුණතා සංවර්ධණ රැකී රක්ෂා සහ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප‍්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ දී රැස්වූ ත‍්‍රී පාර්ශවික කාර්ය සාධන බලකා කමිටු රැස්වීමේ දී හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා මෙසේ එකඟ වී යැයි කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

කම්කරු අමාත්‍යාංශ නිලධාරින් සේවක වෘත්තිය සමිති හා හාම්පුතුන්ගේ සංගම්වල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

ඇදිරි නීතිය පවතින අවස්ථාවේ නිෂ්පාදන ව්‍යාපාර යළි ඇරඹීම ඒවායේ අඛණ්ඩ පැවැත්ම, සේවක රැකියා දිගටම පවත්වාගෙන යාම හා සේවක වැටුප් ගෙවීම යන කරුණු කෙරෙහි මෙම රැස්වීමේ පූර්ණ අවධානය යොමුවී යැයි ද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම ව්‍යාපාර කර්මාන්ත හා සේවකයින්ගේ අඛණ්ඩ කටයුතු ඇතුළු සියලූ අංශ පිළිබඳව සොයා බැලීමේ සැළැස්මක් සකස් කිරීම සඳහා අමාත්‍යංශ මට්ටමේ ත‍්‍රිපාර්ශවීය කාර්ය සාධන බලකා කමිටුව සමග හාම්පුතුන් ගේ සම්මේලනය එකඟ වූ බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

අප්‍රේල් වැටුප ගෙවීම පිළිබඳව යළි සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31623 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14030 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1104 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site