IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අපරාධ නඩු තිබෙන නිලධාරීන්ට උසස්වීම් නුසුදුසුයි

(හර්ෂණ තුෂාර සිල්වා)

පැහැර ගැනීම්, අතුරුදන් කිරීම්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් යනාදී අපරාධ නඩු තිබෙන නිලධාරීන්ට උසස් වීම දීම නුසුදුසු යැයි නිර්දේශ කළත් ඒවාට කිසිදු සැලකිල්ලක් දක්වා නැතැයි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද (28) පැවැසීය. 

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කළ ‘ද ටෙන්ට්’ ඡායාරූප ප්‍රදර්ශනයට එක්වෙමින් සාලිය පීරිස් මහතා ඒ බව සඳහන් කළේය. 

කොළඹ හෝර්ටන් පෙදෙස ජේ.ඩී.ඒ. කලාගාරයේදී මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්විණි. 

එහිදි අදහස් දැක්වූ සාලිය පීරිස් මහතා මෙසේ ද කීය.

        “වගවීම සම්බන්ධයෙන් මේ වෙලාවේ රජයට විශාල වගකීමක් තිබෙනවා. අපරාධවලට වගකිව යුතු පුද්ගලයන් චෝදනා එල්ල වෙලා ඉන්න හමුදාවේ හෝ වෙනත් ආයතනවල පුද්ගලයන්ට උසස් වීම් දෙන්න වෙනත් තනතුරු දෙන්න රජය කටයුතු කරනවා නම් ජනතා විශ්වාසය නෙමෙයි වගවීම වත් ඇති කරගන්න බැහැ. අපි මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළා. ඒවාට කිසිදු සැලකිල්ලක් දක්වලා නෑ කියලා තමයි කියන්න වෙන්නේ.

මේ රටේ අතුරුදන් වීම් වූ බව අපි පිළිගන්න ඕනේ. ඒ දේවල් ගැන අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ රටේ වගේම වෙනත් රටවලත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ ගැන විමර්ශන කරලා තියෙනවා. හොයලා බලලා තියෙනවා. එහෙම නොකරපු තැන් වුණත් තියෙනවා. ඕනෑම රටක උස් පහත් වීම් අඩුපාඩු ගුණදොස් වගේම යහපත් ප්‍රවණතා තියෙනවා. 

හැමෝටම මේක දැනෙන්නේ නැහැ. තමන්ගේ ගෙදර කෙනෙක්ට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙන තෙක් ගොඩ දෙනෙක් මේක ප්‍රශ්නයක් විදියට වත් සලකන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ අතුරුදන් වීම් වුණේ උතුරු විතරයි කියලා. 71, 88/89 කාලවල කොහෙද හිටියේ කියලා මට ඔවුන්ගෙන් එතකොට අහන්න වෙනවා”. 

මෙහිදි අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය මෙසේ සඳහන් කළාය.

         “අතුරුදන් වූ තැනැත්තන්ගේ කාර්යාලය අපට සමීප නැහැ. එහි කාර්යභාරය ගැන අපට සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. අතුරුදන් වූ තැනැත්තන්ගේ කාර්යාලය පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේදී අන්තර් වාර්තාවක් ඉදිරිපත් කළා. එහි නිර්දේශවලින් කොතරම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා දැනගන්න මම කැමැතියි. දැන් අවුරුද්දකුත් ගතවෙලා. 

තමන්ගේ දරුවෝ සැමියෝ සොයන මං වගේම සහෝදරියන්ට මේ කාර්යාලය සමීප නැහැ. ඒක අපට සමීප වෙන්න නම් දැනට වඩා දෙයක් වෙන්න ඕනේ. මීට වඩා ශක්තිමත් හේතු ඕනේ. ඒ නිසා මේ කාර්යාලය ආරක්ෂා කරගන්න ඕනේ වගේම තවත් ශක්තිමත් විය යුතුයි කියලා මම හිතනවා. 

අතුරුදන් වූවන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් යොදා ගනිමින් දේශපාලනය කරනවා. එහෙත් ඔවුන්ට සාධාරණයක් ඉටු වෙලා නැහැ. මේ ආණ්ඩුවත් අතුරුදන් වූවන් පාවිච්චි කරලා බලයට ආවා. තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් අතුරුදන් වූවන් යොදාගන්නවා. හැමදාම වුණේ ඒක. 

88/89 දරුවෝ, මහත්වරු නැති වුණු අම්මලාට වන්දියක් ලැබුණා කියලා මට දැනගන්න ලැබුණා. වන්දි ගෙවීමෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේවාට සාධාරණයක් වෙන්න ඕනේ. තමන්ගේ පුතාට, තමාගේ ස්වාමි පුරුෂායට මොකද වුණේ කියලා දැනගන්න අයිතියක් තියෙනවා. යුද්දෙදි දරුවෝ නැතිවුණු අම්මලා තවමත් ඒ ගැන හොයනවා. දරුවන්ගේ පින්තූර පපුවට තුරුළු කරගෙන අඬ අඬ ඉන්නවා.”

මෙහිදි කන්නන් අරුණාසලම්ගේ වාර්තා චිත්‍රපටයක් ද තිරගත කෙරුණි. ස්ටීවන් චැම්පියන්ගේ ඡායාරූප මෙම ප්‍රදර්ශනයට එක් කර තිබේ. ඡායාරූප ප්‍රදර්ශනය හෙට (29) උදෑසන 10 සිට පස්වරු 8 දක්වා මහජනතාවට විවෘතය. 

(ඡායාරූප - ශාන්ත රත්නායක) 

 

 



අදහස් (0)

අපරාධ නඩු තිබෙන නිලධාරීන්ට උසස්වීම් නුසුදුසුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site