
( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි )
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ නම් පවසා පුද්ගලයෙකුට තර්ජනය කර රුපියල් කෝටික කප්පම් මුදලක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය.
එම සැකකරුවන් එකී මුදලින් මිලදී ගත්තේ නවීන පන්නයේ යතුරුපැදියක්, තීරෝද රථයක් සහ අපරාධයට යොදාගත් සෙල්ලම් පිස්තෝලයක් , යතුරුපැදිය , ජංගම දුරකථන සහ එම සිම්පත් සහ විවිධ බැංකු වලට අයත් ඒටිඑම් කාඩ්පත් මෙන්න යතුරු පෙදි සහ තීරෝද රථවල සියලුම ලිපි ලේඛන ද පොලිස් භාරයට ගෙන ඇත.
මැටියගනේ සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 9 වෙනිදින බඩල් ගම මැල්ලව ගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකු අමතා ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවන හීනටියන මහේෂ් සහ සංඛ ලෙස හඳුන්වා දෙමින් රුපියල් කෝටියක කප්පම් මුදලක් අවශ්‍ය බවට පවසා ඇතැයි පොලිසිය කියයි.
ඊට බියව තිබූ එම පුද්ගලයා ඔවුන්ට ලක්ෂ විස්සක කප්පමක් ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපරාධකරුවන්ගේ නම්පවසා කප්පම් ඉල්ලලා
maalaka Wednesday, 18 June 2025 08:48 AM
මිනිසුන් අපරාධ කිරීමට බය නැත්තේ ,නීතිය ලිහිල් නිසා .එක්කෙනෙක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරලා . තව කීප දෙනෙක්ගේ මිම්ම ගත්තානම් .90% අපරාධ අඩු වෙනවා
ගුණරත්න Wednesday, 18 June 2025 08:54 AM
යසයි, දැන් හිරේ ගිහින් කොනෙක්ෂන් එක හදා ගන්න බැරිය
කව්ද බෝයි Wednesday, 18 June 2025 09:05 AM
ගම්පහ ඉන්න කඳයි, බඩයි මහත, අධිකරණයෙන් ඇඟ බැඳපු හිටපු ඇමතියාගේ ළඟ ඥාති දේපලක් වගේ?