IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


අපනයන විශිෂ්ටතා රිදී සම්මානය ෆැමිකෙමි සමාගමට

ෆාමිකෙමි පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා 2022 සම්මාන ප්‍රදානෝත්සවයේදී ප්‍රථම වරට සත්ව නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

මීට අමතරව නියමිත රෙගුලාසි සහ ආචාරධර්මවලට අනුකූලව වෙළෙඳ කටයුතු සිදු කරන අපනයනකරුවකු ලෙස එම ආයතනයට Certificate of Ethical Trading සහතිකයද‍ පිරිනමන ලදී.

ශ්‍රී ලංකාවේ විසි වසරක කාලයක්  ව්‍යාපාරවල නිරත ෆාමිකෙමි සමාගම මෙරට සත්ව සෞඛ්‍ය වෙළෙඳපොළේද ප්‍රමුඛයා වෙයි. මෑත කාලයේදී සත්ව ආහාර ආකලන නිෂ්පාදනය සහ අපනයනය මගින් ෆාමිකෙමි සමාගම ගෝලීය වෙළෙඳපොළද ජයගෙන ඇත. ෆාමිකෙමි සමාගම 2018 සිට සිය නිෂ්පාදන ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, කුවේට්, ලෙබනනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, මොංගෝලියාව, කාම්බෝජය, උගණ්ඩාව ඇතුළු රටවල් රැසකට අපනයනය කරයි. එමෙන්ම ෆාමිකෙමි සමාගම FAMI-QS සහතිකය ලැබූ පළමු ශ්‍රී ලාංකීය සමාගම බවටද පසුගියදා පත් විය. ඔවුන් ISO 9001:2015 සහ GMP සහතිකද ලබා ඇත. 

“අපගේ අරමුණ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමයි. අපි අපගේ කණ්ඩායමේ සෑම සාමාජිකයකුටම ඔවුන්ගේ වෘත්තීය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සහාය දෙනවා. මෙම සම්මානය සහ සහතික කිරීම අපගේ මෙහෙයුම්වල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය තහවුරු කිරීම  සඳහා ඔවුන් දැක්වූ දායකත්වය තහවුරු කරනවා.”‍ 

ෆාමිකෙමි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උදිත වනිගසිංහ මහතා පැවසීය. සම්මාන උළෙල කොළඹ Shangri-Laහෝටලයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උළෙල වාර්ෂිකව පවත්වන්නේ මෙරට අපනයනකරුවන්ගේ සාර්ථකත්වය මෙන්ම ඔවුන් අපනයන ක්ෂේත්‍රයට හා රටේ ආර්ථිකයට දක්වන දායකත්වය ඇගැයීමේ අරමුණිනි.

595



අදහස් (0)

අපනයන විශිෂ්ටතා රිදී සම්මානය ෆැමිකෙමි සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට
2025 මැයි මස 15 0 0

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.


කෝකියාට පහරදී ඝාතනය කරලා
2025 මැයි මස 15 169 0

ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 221 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 67 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 468 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී
2025 මැයි මස 15 627 0

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1471 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site