IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අපනයන ආදායම ගිය වසරේ වාර්තාවක් තබයි

(යොහාන් භාසුර සහ විමුක්ති එස්. රොද්‍රිගු)

ශ්‍රී ලංකාව 2021 වසරේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් හෙවත් ඩොලර් කෝටි 1510 ක් ආදායමක් උපයමින් ශ්‍රී ලංකා ඉතිසාහයේ ඉහළතම අපනයන ආදායම ඉපයූ බවත් එය 2020 සමඟ සැසදීමේදී අපනයන ආදායමේ සියයට 23 ක වර්ධනයක් බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පැවසීය.

භාණ්ඩ අපනයනයෙන් පමණක් 2021 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 12 ක් හෙවත් ඩොලර් කෝටි 1200 ක ආදායමක් ඉදයූ බව කී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අඟලුම් සහ රෙදිපිළි අපනයෙන් ඉපයූ ඩොලර් බිලියන 5.4 කට අධික මුදල එහිදී තනි අංශයකින් ලැබූ ඉහළතම ආදායම බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව 2021 වසරේ සේවා අපනයෙන් ඩොලර් මිලියන 2657 කට අධික ආදායමක් උපයා ඇති බවත් එහිදී තොරතුරු තාක්‍ෂණ සේවා අපනයනයෙන් වඩාත් කැපී පෙණෙන ආදායමක් ඉපයූ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (21)

අපනයන ආදායම ගිය වසරේ වාර්තාවක් තබයි

Jcn Friday, 28 January 2022 03:50 PM

ඕවායින් අපිට එච්චර වැඩක් නෑනේ මහත්තයෝ.. කොච්චර අපනයනය කළත්, ඩොලර් හොයාගන්නේ හිඟා කාලානේ අන්තිමට.. ඒකනේ ඇත්ත..!

:       3       11

විපරමා Friday, 28 January 2022 03:55 PM

ආර්ථික ඔස්තාර් කිව්වා නම් ආයේ දෙකක් නැහැ. මීට කලින් කියලා තියෙන්නෙත් එසේ මෙසේ දේවල් නෙවෙයි නේ...

:       59       27

nimal Friday, 28 January 2022 04:09 PM

එහෙනම් පෙට්‍රල්, ගල්අඟුරු ගේන්න ගැටලුවක් වෙන්න බෑනේ නේද? මාර දියුණුවක් අපි ලබලා තියෙන්නේ.. අපේ සර්ගේ ආණ්ඩුවෙන් නේද? නුඹලා කියන එව්වා පිළිගන්න බූරුවන් ඉන්නේ සත්තු වත්තේ දැන්... එළියේත් ඉන්නවා ටික දෙනෙක්...!!!

:       90       64

සකලගුරුFriday, 28 January 2022 04:25 PM

ඇඟලුම් හා රෙදි පිළි යවන්න ගත්තේ මොන කාලයේද? ඇදුරුතුමා ඒවා පටන් ගත්තේ සුද්දන්ට යටඇඳුම් මහපුකාලේ සිට කියලා නම් කියන්න එපා.. එහෙම වුණොත් කියපු ඔහේලාට හොඳ මදි...

:       0       3

MenkaSaturday, 29 January 2022 07:53 AM

අපනයන ආදායම වගේම ආනයන වියදම කියලා එකකුත් තියෙනවා. අපේ වගේ රටවල් වල ඔය පරතරය හැමදාම සෘණ (නෙගටිව්). ඒක තේරුම් ගන්න බැරි අයනේ අපෙ රටේ ඡන්දෙ දාන්නේ... ඉතින් හැමදාම නාම්බෝ තමයි පාර්ලිමේන්තු යන්නේ...

:       0       19

රංජිත්Saturday, 29 January 2022 09:17 AM

නිමල්... සත්තු වත්තේ නෙමෙයි එළියේත් ඉන්නවා. ලයික් ටික බලන්න. ඩොලර් බිලියන15ක් ආවානම් ණය ටික ගෙවන්න ඕනේ මුදල තියනවා. IMF යන්න ඕනෙත් නෑ. ඒ වුණාට මුදල් ඇමති ණය ඉල්ලනවා. අපේ රටේ මෝඩයින් හුරේ දානවා.

:       24       5

දසුන් Friday, 28 January 2022 04:15 PM

මේවා අහල තනි ඇහැට ඇඬෙනවා.

:       0       4

Rohana Friday, 28 January 2022 04:19 PM

ලංකාවට ඩොලර් ඉතුරුවෙලා තියෙනවද බලන්න..? ඔය කියන වසරේ ආනයන වියදම ගැන සඳහන් කරන්න කැමති නැත්තේ මොකද..?

:       0       5

Nihal Friday, 28 January 2022 04:27 PM

අතේ මාට්ටු... ! ඩොලර් නෑ කිව්වේ බොරුවට...!!!

:       0       3

මෝ Friday, 28 January 2022 04:28 PM

මේ වගේ බූරු ආචාරියෙක්... 2500න් පවුලකට ජීවත් වෙන්න පුලුවන් කිව්ව එකානේ...

:       0       8

Nuwan Friday, 28 January 2022 04:41 PM

මේ වගේ බොරු කියන දේශපාලකයින් උපන්නේ රටේ කරුමෙට..!

:       0       7

Pradeep Kumara Friday, 28 January 2022 04:44 PM

ඔයාගේ ඔය වාර්තා, අගයන් සත්‍ය නම් ඇයි රුපියලට සාපේක්ෂව ඩොලරය දිනෙන් දින ඉහළ යන්නේ..? භාණ්ඩ ආනයනයට මුදල් නෑ කියලා නහයෙන් අඬන්නේ... තෙල් ගේන්නත් ඉන්දියාවෙන් නේද ඉල්ලා ගත්තේ..?

:       0       6

godfreyu Friday, 28 January 2022 05:14 PM

එයා බොරුම කියල කියලාම තමයි කටත් ඇදවෙලා තියෙන්නේ..

:       21       8

Jaanaka Friday, 28 January 2022 05:22 PM

මෙයා කට ඇරියොත් කියන්නෙම බොරු...

:       15       25

Dasa P Friday, 28 January 2022 05:31 PM

ඔය අපනයන භාණ්ඩවලට වරාය පර්යන්තය වගේ ඒවත් ඇතුළත්ද මැතිතුමා..?

:       15       16

ganegoda Friday, 28 January 2022 05:39 PM

ඔය මොන බයිලා ගැහැව්වත් සිද්දවුණු සුගතියක් නැහැනේ...!

:       29       22

ගමේ එකාලා Friday, 28 January 2022 06:19 PM

දේශපාලුවන් කියන ටොම්පච අහලාම ඇතිවෙලා. කට ඇරියොත් කියන්නේම බොරුනේ....!

:       28       24

Sunil Saturday, 29 January 2022 06:24 AM

හරිම දක්ෂයෙක්නේ? කටින් විතරයි...

:       0       5

M. HORANA Saturday, 29 January 2022 07:17 AM

එතකොට කෝ ඩොලර්....?

:       1       4

ගාමිණී Saturday, 29 January 2022 10:52 AM

ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම... නමුත් රටේ අත්‍යාවශ්‍ය දේවල් ගේන්නවත් ඩොලර් නෑ. ඒ ගැනත් පැහැදිලි කරා නම් හොඳයි...

:       1       4

fairoos Sunday, 30 January 2022 12:43 PM

මෙහෙමත් පච... හෙන 7ම වදින්න ඕනේ...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 564 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2266 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site