
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු මාස 9දී වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට බවත් ඇමෙරිකාවට මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.25 ක භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී ඇමෙරිකාවේ අපනයනය කර තිබූ වෙළෙඳ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.18 ක් බවත් ඒ අනුව මෙම වසරේදී ඇමෙරිකාවට අපනයනය කල භාණ්ඩ ප්‍රමාණය සියයට 3.04 කින් වර්ධනය වී තිබෙන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය.
එසේම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 238.72 ක භාණ්ඩ ප්‍රමාණයක් ඇමෙරිකාව අපනයනය කර ඇති බවත් එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 2.84 ක පහළ යාමක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 245.69 ක භාණ්ඩ ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කර තිබූ බවද එම මණ්ඩලය පැවැසුවේය.
දෙවැනි ස්ථානයට මෙම වසරේ පළමු මාස 9 දී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳභාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඉන්දියාවට වන අතර ඉන්දියාවට මෙම වසරේ පළමු මස නවයේදී අපනයනය කළ වෙළෙඳ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 792.41 කි. එය පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 23.09 ක වර්ධනයකි.
තෙවැනි ස්ථානයට මෙම වසරේ පළමු මාස 9 දී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ එක්සත් රාජධානියට වන අතර එක්සත් රාජධානියට අපනයනය කර ඇති වෙළෙඳ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 721.73 කි. එය පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 4.40 ක වර්ධනයකි. කෙසේ නමුත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියට සිදුකළ වෙළෙඳ භාණ්ඩ අපනයනයන් සියයට 4.75 කින් පහළ ගොස් ඇත.
මෙම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය ජර්මනියටත්, පස්වැනි ස්ථානය ඉතාලියටත් හිමිව තිබේ. ජර්මනියට සිදු කළ වෙළෙඳ භාණ්ඩ අපනයනයන් පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස නවයේදී සියයට 12.28 කින් වර්ධනය වී ඇති අතර ඉතාලියට සිදුකළ වෙළෙඳ භාණ්ඩ අපනයනයන් සියයට 14.68 කින් වර්ධනය වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1332
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අපනයනයෙන් කප් එක ඇමෙරිකාව් කප් එක ඇමෙරිකාව