(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු මාස 7 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වූ වාර්තාගත අපනයන ආදායම පිළිබඳව නවතම දත්ත වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය අද ප්‍රකාශයට පත් කළේය.
එහි මෙම වසරේ පළමු මාස 5 තුළදී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයනය කළ කලාප පිළිබඳවද විස්තරද ඇතුළත් විය.
ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 5 තුළදී වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.98 ක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය අද නිකුත් කළ එම දත්ත වාර්තාවේ සඳහන් විණි.
පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව එය සියයට 3.19 ක වර්ධනයක් බවද එහි දැක්වේ.
උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තබා ඇති රටවල් නැෆ්ටා රටවල් ලෙස හැඳිවෙන අතර ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව එයට අයත් වේ.
දෙවැනි ස්ථානයට මෙම වසරේ පළමු මාස 5 තුළදී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ යුරෝපා සංගමයේ රටවල්වලට වන බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.77 ක් බවත් එම දත්ත වාර්තාවේ සඳහන් විය. එය පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 15.64 ක් බවද එහි දැක්විණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අපනයනයෙන් වාර්තා ගත ආදායමක්
pradeep Monday, 25 August 2025 08:18 PM
විපක්ෂයේ කාලකණ්ණින්ට ඕනෙ මේවා කඩාකප්පල් කරන්න.
Cisco Monday, 25 August 2025 09:58 PM
ඉතින් විපස්ස පස්ස වලට සතුටු හිතෙයිද? තව විරෝධා කරන්න කොළඹ වරෙල්ලා