
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන යන්ත්‍රයක් දින අටක් තිස්සේ අක්‍රීය වී පැවතීමෙන් රෝග ප්‍රතිකාර කටයුතු අක්‍රිය වී තිබෙන බව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා දන්වා ඇතැයි සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරන වෙිරියන්ට් යන්ත්‍රය (Variant machine) මෙලෙස අක්‍රිය වී පවතින්නේ සේවා ගිවිසුම් අනුව මෙම යන්ත්‍රයට නොමිලේ ගෙන්වූ අමතර කොටස් පසුගිය සිකුරාදා සිට රේගුවෙන් නිදහස් කරගන්නට නොහැකි වී තිබෙන නිසා බවද වික්‍රමරත්න මහතා කීය.
විවිධ රේගු තාක්ෂණික ගැටලු නිසා මේ ප්‍රශ්නය මතු වී තිබෙන බවත් මේ නිසා ඉකුත් දින කිහිපයේදී පමණක් රෝගීන් සියයකගේ පමණ ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබෙන අතර අද පෙරවරුවේදී මේ යන්ත්‍රයෙන් ප්‍රතිකාර ලබන කුඩා දරුවන් 24 දෙනෙකු ප්‍රතිකාර නොමැතිව අසරණ වී සිටින බව සඳහන් කළේය .
මේ යන්ත්‍රයේ අමතර කොටස් ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටින බවද එරාන් වික්‍රමරත්න මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් කැඩී ප්‍රතිකාර වැඩ අඩාල වෙලා
Hafeel Wednesday, 22 February 2023 01:44 PM
මේ ආණ්ඩුවේ හැම අංශයක්ම දුර්වලයි. ජනාධිපති ඇතුළු ඇමතිලා වැටුප, දීමනා, වරප්‍රසාද, පුද්ගලික කාර්යමන්ඩලය සහ නිල නිවාස ඕවා සේරම භුක්ති විඳමින් කිසිම කාර්යක්ෂමතාවයක් නැහැ. හැබැයි දුෂණ, වංචා සහ කොමිස් ගහන එකින් අඩුවක් නැහැ. මේ ප්‍රශ්නයට සෞඛ්‍ය ය සහ මුදල් ඇමතිලා මැදිහත් වෙලා එදාම විසඳන්න තිබුනා. රටේ ජනතාව ගැන මේ ආණ්ඩුවට කිසිම අනුගම්පාවක් හෝ නැත. මුදල් අංශයට පමණයි ඇමතිලා රාජ්‍ය ඇමතිලා තුන් දෙනෙක් හිටියත් වැඩක් නැහැ.
සුසන්ත Wednesday, 22 February 2023 02:39 PM
මේ වගේ හදිස්සිම දෙයක්වත් කඩිනමින් අළුත්වැඩියා කරන්න බැරි නම් මොකටද ටයි, කෝට් දාගෙන ලක්ෂ ගණන් පිං පඩි ගන්න ඇමතිලා...?
fairoos Wednesday, 22 February 2023 03:19 PM
මේ කාලකන්නි ආන්ඩමවනම් කියල වැඩක් නෑ