(ඩේලි මිරර්)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලයක සිට යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වීම නිසා රෝගීන් 500 දෙනකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
පෙබරවාරි මාසයේ සිට එම දෝෂයක් ඇති වී තිබෙන අතර මෙම විකිරණ යන්ත්‍රය විශේෂයෙන් භාවිත කරනු ලබන්නේ ළමා පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා ප්‍රතිකාරය ලබා දීමට බැවින් පොරොත්තු ලේඛනයේ ළමා පිළිකා රෝගීන්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.
ඒ හේතුවෙන් ළමා පිළිකා රෝගීන් මහත් අපහසුතාවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
තත්ත්වය කෙතරම් බරපතළ වුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රශ්නය විසඳීමට කිසිඳු පියවරක් නොගෙන නොදැක්කාසේ සිටීමෙන් ප්‍රශ්නය තවත් උත්සන්න වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.
විකිරණ චිකිත්සා ප්‍රතිකාරය සඳහා පෞද්ගලික රෝහල් රුපියල් ලක්ෂ 7 සිට රුපියල් ලක්ෂ 17 දක්වා අධික ගාස්තුවක් අය කරන බවත් ඉන් ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන්ගේ පවුල් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී
පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අපේක්ෂා රෝහලට එන ළමා රෝගීන්ගේ අපෙක්ෂා බංග වෙලා
Asela Tuesday, 26 March 2024 10:21 PM
අර හිරේ ඉන්න අයට හෙනම ගහන්න ඕනෑ...
බද්රානි Tuesday, 26 March 2024 10:51 PM
රුපියලත් මෙච්චර හොඳට උඩට නැගලා තියන කාලෙක, අවම වැටුපත් රුපියල් පන්දාහකින්ම වැඩිකළ සමයක, ඇයි එයාලා රුපියල් ලක්ෂ හතක් හෝ ලක්ෂ දාහතක් දීලා ඔය ඉන්ජක්ෂන් එක ගහ ගන්නේ නැත්තේ..? අනික, ඉහළම සෞඛ්‍ය සේවයක් තියන අපේ රටේ, ලෝකයෙන්ම ප්‍රමිතිගතම දොස්තරලා ඉන්නෙත් ලංකාවේ නම්, ඒ අයත් ඉතාම සාධාරණ ලෙස මුදල් අය කරනවා නම් ඕවා කජු කනවා වගේ වැඩනේ...
Weerasekara Wednesday, 27 March 2024 06:46 AM
පෙබරවාරි කියන්නෙ පසුගිය මාසය නේද .ඉතින් ඔය ගැන අමාත්‍යාංශයට දන්වා කොපමණ කලක්ද .තමන්ගෙ ගෙදරක වුනත් ක්ෂනිකව ප්‍රශ්නයක් ඇතිවුණාම ඒක ප්‍රතිසංස්කරණ කරන්න ටිකක් ප්‍රමාද වෙනවා තමයි. ඉතින් රජයේ මුදල් වියදම් කිරීමට යම් ක්‍රමවේදයක් තියෙන නිසා සුලු ප්‍රමාදයක් වෙන්න පුළුවන්
අරවින්ද මොනරවිල Wednesday, 27 March 2024 07:07 AM
මේරට පාලනය කල හා කරන ජඩ නින්දිත පාලකයන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගන්න කුඩා දරුවන්ගේ අනාගතය පමණක් නොවෙයි ජීවිත පවා බීල්ලට දෙන්න සිදුවෙලා තියෙන බව මේ ප්‍රවෘත්තියෙන් අපිට පෙන්වා දෙනවා.
Janaka Wednesday, 27 March 2024 11:36 AM
මේ රටේ දේශපාලනය වෙනස් කරනකල් මේ දේවල්වලට විසඳුම් කිසිදාක ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න හිටපු සෞඛ්‍ය ඇමැති අද ඉන්නේ බන්නාධගාරයේ කියලා අහිංසක, අසරණ මිනිස්සුන්ට විෂ බෙහෙත් එන්නත් සපයලා, ඒ වගේම පවතින හොරු රැලගේ ආණ්ඩුව මේ හැම දේටම උදව් කරපු බව... මේ වගේ ප්‍රශ්නයකට වෙන රටවල පැය 24න් පිළිතුරු දෙනවා, මොකද රටේ මල් කැකුළුවලට එහෙම පරවෙන්න දෙන්නේ නෑ.. ඒ රටවල් කරන පාලකයින්, නමුත් දස අකුසල්ම කරන ආණ්ඩුවකින් රටේ ජනතාව මොනවා බලාපොරොත්තු වෙන්නද? තවමත් බත් කන හරක් මේ රටේ ඉද්දි ඔවුන් තවතවත් හොරකම්, ජඩකම්, පව්කාරකම් කරාවි. ළඟඑන මැතිවරණයේදී තමන්ගේ ගෙදරට මනාපය ඉල්ලාගෙන එන හොර නඩයට ලොකු පොඩි බේදයකින් තොරව සලකන්න කාලය ඇවිත් තියෙන්නේ..., මේ දේ විය යුතුමයි. තමන් ජීවත් වෙන රට බේරගන්න ජනතාව නැගිටිය යුතු කාලය පැමිණ ඇත.
අරවින්ද මොනරවිල Wednesday, 27 March 2024 12:15 PM
ඔය මැෂිම ආණ්ඩුවට පුළුවන් වෙලාවක හදනතුරු අපි බලාගෙන ඉඳිමු... පිළිකා රෝහලේ රෝගයෙන් පීඩා දරුවන් මිය ගියාට අවුලකුත් නැහැ වගේ නේද?
Rata Perata Wednesday, 27 March 2024 12:52 PM
රටේ පාලකයා තමන්ගේ රටසවාරි වලට ලක්ෂ 2000ක් වෙන්කර කන්නවා. ඒත් මේවට සල්ලි නැහැ. මේ වගේ අය ආයෙත් පත්කර ගන්න තරම් මිනිස්සු ආයෙත් මෝඩවෙන එකක් නෑ කියලා හිතනවා.
මුහන්දිරම් Wednesday, 27 March 2024 06:44 PM
රට වැසියෝ බොහෝමයක් බුදුනුවන් වෙනවා... ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කලේ ලැබෙන ආදායම් කොටස් හතරකට බෙදා එක් කොටසක් පරිභෝජනය සඳහා ගන්නත් කොටස් දෙකක් ආදායම් ඉපැයීම් හෝ ප්‍රයෝජනයට ගන්නත් අනෙක් කොටස ආපදාවකට නැත්නම් අසනීපයක් වෙනුවෙන් ගන්න කියලා තමයි... ඉතින් කෝටි ගණනක් ජනාධිපති වියදම් කරන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් කරන කටයුතු සඳහා තමයි දැන් ඔය මාලිමාවේ සහෝදර පිරිසත් විදෙස් ගතවෙන්නේ එවැනි දේවල් සඳහා කියලා හිතන්නේ නැද්ද? ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ රටේ සංවර්ධනය කරන්න අමාරුයි...
KJR Wednesday, 27 March 2024 02:45 PM
වීරසේකර..?