IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවසීය.

එම වාර්තාව නීතිපතිවරයාට යොමු කරන බවත් කොමිෂන් වාර්තා පිළිබඳව ඉදිරි තීරණ ගැනීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කිරීමටත්, දෙදින විවාදයක් පැවැත්වීමටත් තීරණය කෙරුණු බව සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 



අදහස් (29)

අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා

Wanniarachchi Friday, 14 March 2025 11:16 AM

බොහොම හොඳයි, ඒ එක්කම ජෙප්පෝ විසින් මරාදාපු , විජය කුමාරණතුංග, සාගරික ගොමස් මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ප්‍රේමකීර්ති වගේ ය වෙනුවෙනුත් යුක්තිය ඉටු කරන්න. නැත්නම් ඕව බොරු සෝබන විතරයි

:       68       113

මෝඩ හිටංලාFriday, 14 March 2025 02:19 PM

මෙච්චර කල් තිබුණු ඕගොල්ලන්ගේ ආණ්ඩුවලට කිව්වෙ නැත්තේ ඇයි? පොල්ගාන්න තිබුණද?

:       10       37

රුවන් Friday, 14 March 2025 11:21 AM

කජු සීයාට දැන් මොනවා හිතෙනවා ඇද්ද?

:       63       48

dds Friday, 14 March 2025 11:46 AM

කෙකර ගාන්නැතුව දැන් ඊළඟ පියවරවල් ගන්න. නන්දන වීරරත්න, අල් ජසීරා ඇතිකළ උනන්දුවට ස්තූතියි...!

:       45       37

කව්ද බෝයි Friday, 14 March 2025 12:11 PM

ෆෙරාරි සීයා පස්ස දොරෙන් දියවන්නාවට ආවාට පස්සේ ඔය වාර්තාව ගැන විවාදේ පටන් ගමු...

:       40       23

රනේ Friday, 14 March 2025 12:20 PM

උදාහිරු වෙනුවෙන් සටන්කලේ ඔවුන්මයි. ඒ සටනේදී දිය අපැහැදිලි වූ බවද ඇත්තකි.

:       43       28

Toni Friday, 14 March 2025 12:30 PM

තවත් එක සංදර්ශනයක් පමණයි...

:       30       54

තර්ස්ත මාෂල් Friday, 14 March 2025 12:32 PM

මදැයි, ත්‍රස්තවාදය උතුම් යයි ලෝකයටම පෙන්නන්න යන වැඩක්. එහෙමනම් කොටි බෙදුම්වාදීන් කළ දේවලුත් හරි යයි කියලා, ඒවා මැඩ පවත්තන්ට ක්‍රියාකළ අයට දඬුවම් දෙන්න. හොරුන් එපා කියලා ඡන්දය දුන්නේ රට වෙනුවෙන් හිතලා. දැන් අපිටම ලැජ්ජයි. මොකද ඉස්සර ලේ වැගිරීම් වැලීම් රජය පෙරළන්න උත්සාහ කළ අය දැන් මහජන ඡන්දෙන් පත් වෙලා, එය අගේ කළ යුතුයි. සන්තෝස ඒ අය හොරු නෙමේ. කව්රු හරි මේ රජයත්, කුමන්ත්‍රණ වලින් පෙරලන්න හැදුවොත් ඔවුන් නම් කරන්නේ ත්‍රස්තවාදීන් හැටියට. අතීතයේ ලංකා රජය එක අතකින් උතුරේ යුද්ධයක් කරද්දී, මෙහේ දකුණේ යුද්ධයක් පටන් ගත්තු එක මොනතරම් දරුණුම ක්‍රියාවක්ද? එහෙම දින්නා නම්, එක රට දෙකට කැඩෙනවා. අනුරාධපුරය තමයි මායිම. හැමෝම රටට ආදරය කරන්න. දේශපාලන පලිගැනීම් පිළිකුල්...

:       35       70

ddsFriday, 14 March 2025 02:21 PM

ත්‍රස්තවාදයට වඩා රාජ්‍ය ත්‍රස්තවාදය හැම අතින්ම දරුණුයි, කුරිරුයි, විනාශකාරීයි. උදාහරණ ලෝකෙ සෑහෙන්න තියෙනවා. ලංකාව එකක් විතරයි.

:       58       32

යෝගා Friday, 14 March 2025 01:01 PM

ඒ එක්කම අද නායක පුටුවල ඉන්න ගෝනිබිල්ලෝ, මිනීමරුවෝ ගැනත් හෙලිවෙන්න පටන්ගන්න දවස අද වෙන්න පුළුවන්...

:       29       62

සන්ක Friday, 14 March 2025 01:02 PM

ඉතාම හොඳයි. අනාගත පරම්පරාවන්ට සමෘද්ධිමත් මාතෘ ලංකාවක් දැකීමට, රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් පමණක් නොව ශ්‍රී ලංකාවෙන්ම තුරන් කිරීමට අපි ප්‍රාර්ථනා කරමු.

:       49       24

ගුණරත්න Friday, 14 March 2025 01:05 PM

හොඳයි ඔය එක්කම මාලිමාවුන්ගේ පරණ අපරාධ එකින් එක එළිවේවි. ඒ එක්කම උතුරේ යුද්ධය ගැනත් කතා කරන්න වේවි.. විශේෂයෙන් බාලචන්ද්‍රන් මරපු එක ගැන, මට තවමත් මහත් වේදනාවක් තියෙනවා. ඒ දරුවා මරපු විදිය ගණ, ඌගේ අප්පා කරපු වැරැද්දට දරුවා මරපු එක සහ ගහන අපරාධයක්...

:       39       61

මෝඩ හිටංලාFriday, 14 March 2025 02:24 PM

පහුවෙච්ච අවුරුදු 30-40 ඒකට මදිවෙන්න ඇති නේද? ඒ ආණ්ඩුවලට හොරාකන්න තිබුණු හින්දා ඔය කාරණා අතපහු වෙන්න ඇති. පව්. ආයෙත් බලයට ගේමු අතපහු වෙච්ච ඒව ටික කරවගන්න.

:       63       25

ජයනාත් Friday, 14 March 2025 01:13 PM

ත්‍රස්තවාදී ලෙස නම් කල සංවිධාන කරන අපරාධ වලට වඩා නිල රජයක් විසින් කරන අපරාධ බැරෑරුම්... බරපතළයි. එනිසා 88,89 කාලේ ජවිපෙ කළ මිනිස් ඝාතන හෙළා දැක නීතිය ක්‍රියාත්මක කළ යුතුව තියෙනවා. ඒත් පහුගිය එක් රජයක් වත් ඒ වැඩේ කලේ නැහැ. දැන් රජය විසින් කළ ඝාතන වලට ඒ රජයේ හිටපු අයට උත්තර දෙන්න වෙනවා...

:       54       31

Athula Friday, 14 March 2025 01:59 PM

අපරාධකාරයෝ මැරලා යන්න පෙර ඉක්මණීන් නීතිය ක්‍රියාත්මක කරන්න නැතිනම් බොරුවට කාලේ සහ ධනය නාස්ති වීම පමණයි වෙන්නෙ

:       39       15

Kazi Shajahan Friday, 14 March 2025 02:10 PM

බොරු ශෝ විතරයි, ඔක්කොටම කළින්, කියපු දේවල් කරලා පෙන්නන්න. මහින්දව ගෙදරින් පන්නවා ගන්න තමයි බැරි වුණේ... දැන් මාස 06කටත් කිට්ටුයි...

:       22       42

Nelum Friday, 14 March 2025 02:17 PM

හොඳ වැඩක්. ඒ වගේම හර්ෂ අබේවර්ධන, නන්දලාල් ප්‍රනාන්දු, කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියන් වගේ කී නොකී සිය දහසක් දෙනාගේ මරණ සිදුවුණු ආකාරයත් හොයන්න...!

:       23       43

මෝඩ හිටංලාFriday, 14 March 2025 03:07 PM

හොරාකෑම, සියගණන් අරගෙන රට සවාරි යෑම, අයිතිකාරයෝ නැති ගෙවල් හැදීම, මහ බැංකුව රැකගැනීම වගේ වෙන වැඩ තිබුණු හින්දා ඔයාගේ ආණ්ඩුවලට ඔය පොඩි වැඩ අමතක වෙන්න ඇති නේද?

:       43       22

Neel Friday, 14 March 2025 03:32 PM

මාර පරාජය , මාලීමාවට ජය වේවා

:       47       24

MDO Friday, 14 March 2025 04:33 PM

මාලිමා ජෙප්පන් 4 දෙනයි. ආවේ රෑ වෙලා. තාත්තාට ඵන්න කිව්වා. පුතා ගැන ඇහුවා, පුතාටත් ඵන්න කිව්වා, ඵ්ක ඇහෙනකොටම ආදර අම්මා ගහක් කඩා වැටෙනවා වගේ සිහිය නැතිව බිම ඇද වැටුණා. ඒවා ගණන් ගත්තේ නැහැ ජෙප්පන්. පුතාට ඉඳගන්න කිව්වා. වචන දෙකයි කථා කලේ. එකෙක් ඔලුවටම තිබ්බා. මේවා කවද්ද පාර්ලිමේන්තු සභාගත කරන්නේ බිමල්. තිරිසන්නු අද බෝ පැල වෙලා.

:       17       56

රම්සිFriday, 14 March 2025 09:20 PM

MDO, ඇයි ඉතිං ඔහේ ඔහෙලාගේම පහුගිය ආණ්ඩු වලට කියලා ඒක කරගත්තේ නැත්තේ? අපි එපැයි කිව්වාද?

:       0       2

ප්‍රියන්ත Friday, 14 March 2025 05:08 PM

හලෝ.., වන්නිආරච්චි, යෝගා…, ගුණරත්න (හෙවත් යෝගා), MDO, ඉතිං මෙච්චර කලක් තිබ්බේ ඔහෙලාගේ ආණ්ඩුනේ. ඒ ගොල්ලන්ට ඔහෙලා ඔය කියන සිද්ධි ගැන විමර්ශණ කරන්න කවුරුවත් එපා කිව්වේ නැහැනේ... ඔයාලාට ඒ ගැන ඔච්චර රුදාව නම්, හරි විදියට නම් එහෙම නොකළ එක ගැන ඒ ගොල්ලන්ට වෙනමම නඩු දාන්න ඕනෑ.

:       49       17

ලක්විදු Friday, 14 March 2025 05:12 PM

රනිල් අල් ජසීරාවෙ ඉන්ටවිව් එකකට යනවා කියලා මේ නිව්ස්එක දාපු වෙලාවේ, මේකෙම සමහර කමෙන්ට් පප්පලා රනිල්ට තියෙන ජාත්‍යන්තර පිළිගැනීම කියලා පොර ටෝක් දුන්නා. ඇද්ද බොක්කටම දුන්නා…

:       50       21

Raman Friday, 14 March 2025 06:24 PM

@lakvindu. බටලන්ද ගැන හොයන එක ගැන නම් අපිත් සතුටුයි. හැබැයි කොටි ටිකක් එකතුවෙලා අපේ රටට බොක්කෙන්ම දීපු එක ගැන සතුටු වෙනවා කියන්නේ හොරිකඩකම ප්‍රකාශ කිරීමක්...!

:       15       36

ලක්විදුFriday, 14 March 2025 07:18 PM

Raman, මම ඒ ගැන සතුටු වුණා කියලා කිව්වේ නැහැනේ.

:       32       12

ගුණරත්න Friday, 14 March 2025 06:28 PM

යෝගා මහත්තයා කවුද කියලා මම දන්නේ නැහැ. මම කියන්නේ මගේ හිතට දැනෙන දේ, ෂෝ දාන්න යන්නේ නැහැ මම වහලෙකුත් නොවෙයි මම. මාලිමාවූ අපරාධ කළ නිසයි ඔවුන් මරාදාලා රට සන්සුන් කළේ, ඊට වඩා විසඳුමක් තියෙනවා නම් ගෙනෙන්න. ආණ්ඩුව කලේ තමන්ගේ යුතුකම, වෙනස් පළාතක යුද්ධයකට වඩා රට ඇතුලේ සාමාන්‍ය ජනතාව එක්ක මිශ්‍රවෙලා ඉන්න දේශපාලන වෙස් ගත්තු ත්‍රස්තවාදී කල්ලියක් විනාශ කරන්න වෙන ක්‍රමයක් කියන්න. එකෙක් කියලා තිබ්බා ලෝකේ මෙහෙම කොහේවත් වෙලා නැහැ කියලා, ඉන්දුනීසියාවේ, මලයාසියාවේ මේවගේ දේවල් වුණා. දැන් රට සන්සුන් වෙලා මලිමාවුන්ට රටේ ආණ්ඩුව ලැබෙන්න තරමට රට ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කලේ පසුගිය ආණ්ඩු තමයි, එකට මලිමා වූ කලේ පුළුවන් තරම් වළ කපාපු එක, ඔවුන් කරපු එක හොඳ දෙයක් කියන්න, එකම එක හොඳ දෙයක්...

:       17       45

ddsFriday, 14 March 2025 07:11 PM

ඕගොල්ලන්ට '87න් එහා අතීතය මතක නෑ. ජවිපෙ නොකරපු දේකට තහනම් කෙරුවේ JR ගේ කලු ජූලියේ ලැජ්ජාව වහගන්න. රජයේ මර්ධනයට විරුද්ධව වගේම තමන්ගේ දේශපාලන අයිතිය වෙනුවෙන් ආයුධ ගත්තු එක සාධාරණයි. ඒ තත්ත්වයට තල්ලු කෙරුවේ UNP ආණ්ඩුව කියලා පිළිගන්න අකැමැතිද?

:       33       18

Nishan Saturday, 15 March 2025 08:25 AM

ඔබලා ඒ කාලේ මුළු රටම අඳුරේ තැබුවා ට්‍රාන්ස්ෆෝමර් පුපුරුවලා, ඔබලාගේ කැලෑ ඇඳිරි නීතිය දාලා. අම්මෝ 87-89 භීෂණ සමය මතක් කරන්නත් බයයි. ඒ කාලේ ජේවීපී එක කැලෑ ඇඳිරි නීතිය දාලා ලයිට් ඕෆ් කරගෙන කළුවරේ ඉන්න නියෝග කරලා, හේනට, කුඹුරට යන එක තහනම් කරලා, වැඩට යන එක තහනම් කරලා, ඒ නියෝග කඩ කරපු අයට සාහසික දඬුවම් දීලා, බෝඩ් බෙල්ලේ එල්ලාගෙන හන්දි ගානේ හිටවලා, ඒ විතරක්යෑ ආණ්ඩුවට වැඩ කරනවා කියලා සියළුම ග්‍රාමසේවකලා, වගා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරින් වගේම ඔවුන්ගේ පවුල්වල අයටත් මරණ දඬුවම ඇතුලු වෙනත් සාහසික දඬුවම් දුන්නා...

:       4       1

ddsSaturday, 15 March 2025 11:19 AM

ආණ්ඩුවල ප්‍රවෘත්ති, ප්‍රචාර ප්‍රශ්ණකිරීමක් නැතිව බාරගන්න නිශාන් වගේ අය මර්ධනකාරී ආණ්ඩුවලට ඉතාමත් අවශ්‍ය අයයි. කටපාඩම් කරන්නත්, ගිරව් වගේ කියන්නත් ඉතාම දක්ෂයො මේ අය. හැබැයි ස්වාධීන චින්තනය අහලකවත් නෑ. ඔබට උඩින් තියෙන කමෙන්ට් එක කියවලා නෑ, නැත්නම් කියෙව්වාට තේරුම්ගන්න බෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක්
2025 අප්‍රේල් මස 17 632 0

‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ


පොලිසියේදී මියගිය තරුණයාගේ සිරුර 23 ගොඩ ගනියි
2025 අප්‍රේල් මස 17 293 0

වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත


තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දින වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 17 177 0

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දින මෙම මස 24, 25, 28 සහ 29 යන දින ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අල්ලස් ඉල්ලූ හදිසි මරණ පරික්ෂක, සහයිකාව රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 17 497 1

හදිසි මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කිරිම සදහා රුපියල් 2000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව ලබන 21 වන ද


පෘථිවියට එහා මිනිස් වාසයක් ගැන තොරතුරු
2025 අප්‍රේල් මස 17 1551 1

පෘථිවියෙන් පිටත ජීවය තිබෙන බවට මෙතෙක් හමුවූ ප්‍රබලතම සාක්ෂිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයෙන් සොයා ගැනීමට කේම්බ්‍රි


රන් මිල වාර්තා ගත ලෙස ඉහළට
2025 අප්‍රේල් මස 17 727 0

ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඉතිහාසයේ රත්තරන් මිල වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 191 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site