
(බී.ජි. චතුරංග)
අනුරාධපුරයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් අද (21) දහවල් කාලය වන විට, අනුරාධපුර සංචාරක පොලිසිය අනුරාධපුර පුරාවිද්‍යා අධ්‍යක්ෂ කාර්යාලය පරිශ්‍රය , අනුරාධපුර හෝටල් පාසල සහ පූජා නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
ජය ශ්‍රී මහා බෝධි මාවතේ පිහිටා ඇති සංචාරක පොලිසිය , පුරාවිද්‍යා කාර්යාලය, හෝටල් පාසල, මල් අතු ඔයේ ජල මට්ටම වැඩි වීම එය පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස ජලයෙන් යට වී තිබුණි.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව ලැබෙන වර්ෂාව හේතුවෙන් කලා වැව, නාච්චාදූව , නුවර වැව ඇතුළු ප්‍රධාන වැව්වල සහ කුඩා වැව් රැසක වාන් ජලය, මල් අතු ඔයට එකතු වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.
මල් අතු ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බවත් , එහි ජලය අනුරාධපුර පැරණි පූජා නගරය , තන්තිරිමලය හරහා මන්නාරම දක්වා ගලා බැසීම හේතුවෙන් මල්වතු ඔය දෙපස අවට පහත් බිම්වල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය බලයට ආපු දවසේ ඉදන් ගංවතුර නස් පැත්ති අඩුවක් නැහැ. බොරුද මම කියන්නේ.
සුරේන්, එහෙම වෙන්න ඕනෙනේ ඉතින්. අතාරින පචවල තරමට බැමි පුපුරනවා, වැහි වහිනවා, අකුණු ගහනවා. අම්මපා! පොඩ්ඩක් හිතලා බලන්න