IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අනියම්‌ පෙමට ගිනි තබා ගත් සැරයන් මරුට

(ගයාන් සූරියආරච්චි)

අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිසියේ පොලිස් සැරයන්වරයා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පුලස්තිපුර පොලිසියට අනුයුක්තව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන දොරටුවේ රාජකාරී කළ පොලිස් සැරයන් සමන් නැමැත්තෙකි.

පොලොන්නරුව ප්‍රදේශයේ කාන්තාවක සමග මියගිය සැරයන්වරයා අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන  ගොස් තිබූ බවත් අනතුරුව එම කාන්තාව අනියම් සම්බන්ධතාව නැවැත්වීම හේතුවෙන් පෙරේදා (19) රාත්‍රී මෙසේ ගිනි තබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මෙම සැරයන්වරයා විසින් පෙට්‍රල් බූලියක් රැගෙන එම කාන්තාවගේ නිවෙසට පැමිණ නිවෙසේ දොරට තට්ටු කර  පසුව දොරට පයින් ද පහරදෙන බව සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් එම කාන්තාව දොර විවෘත නොකිරීම හේතුවෙන් සැරයන්වරයා පෙට්‍රල් සිරුරට හලාගෙන ගිනි තබාගෙන ඇති බව පොලිසිය කියයි.

අනතුරුව බරපතළ පිළිසුම් තුවාල ලැබූ සැරයන්වරයා අසාධ්‍ය තත්ත්වයෙන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (2)

අනියම්‌ පෙමට ගිනි තබා ගත් සැරයන් මරුට

ජිල්බු Monday, 21 April 2025 05:37 PM

යුනිපෝම් කියලා නෑ... ප්‍රේමය ඒවා හරහා හදවතටම යනවා.

:       0       1

රම්බොඩ Monday, 21 April 2025 06:19 PM

කාමයේ පහස සහ ආදීනව. මෙච්චර ධර්මය ඇහෙන මනෝවිද්‍යාව ඇහෙන රටේ මේ මිනිසුන් නිදාගෙන ඉඳලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site