(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ලෙස ලබාගත් සංවිධානාත්මක කල්ලියක තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල හා ආවේක්ෂණ බුද්ධි ඒකකය කියයි
දිවයිනේ විවිධ ප්‍රදේශවල අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන් විසි දෙනකු පමණ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිලි අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මහනුවර තලාතුඔය මැදවච්චිය ආදී ප්‍රදේශවල දී ය.
කිසියම් භාණ්ඩයක් විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම පළ කළ පුද්ගලයා අමතා එම භාණ්ඩයේ මිල දී ගන්නා බවට විශ්වාසයක් ඇතිකර එයට අත්තිකාරම් මුදලක් ගිණුම් ගත කරන බව පවසා ඔහුගේ ගිණුම් විස්තර සහ අනෙකුත් විස්තර ලබාගෙන එම වංචාව සිදුකර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.