(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

කොලොන්න පිටවෙළ ප්‍රදේශයේ දී දැරියක සහ තරුණයකු අනවසර විදුහිල රැහැනක පැටලී මියගොස් ඇතැයි  පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ  කොලොන්න පිටවල පදිංචි හංසිකා සඳමාල් සහ මාතර දික්වැල්ලේ  සුරාජ් ප්‍රසන්න යන දෙදෙනාය

කුරුඳු ඉඩමක් අසල ඇද තිබූ අනවසර විදුහිල රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට ලැබෙන තොරතුරු අනුව වාර්තා වෙයි.

මෙම දැරිය සහ තරුණයා මුහුණු පොත ඔස්සේ හිතවත්කමක්  ඇතිකර ගෙන ඇති අතර තරුණාය ඊයේ රාත්‍රියේ මෙම තරුණිය හමුවීම සඳහා නිවෙසට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත.

මේ බව නිවැසියන් දැක ඇති අතර ඒ අවස්ථාව අඳුරේම මෙම දැරිය සහ තරුණාය දිවගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.