
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වික්‍රම් මිස්රි මහතා පසුගියදා ඉන්දියාවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවහොත් මෙරට සිවිල් යුද්ධයට මැදිහත්වී සිටි ඉන්දීය සමා සාධක හමුදාව 1980 දශකයේදී මෙරටින් පිටවීමෙන් පසුව දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළැඹෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
චීනය ශ්‍රී ලංකාව සමග ඇති ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කරගැනීමට දිගින් දිගටම උත්සාහ කරන මොහොතක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙලෙස ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී බලශක්ති සම්බන්ධතාවය, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය සහ බහු-ආංශික ප්‍රදාන ආධාර යන අංශ යටතේ අවබෝධතා ගිවිසුම් 6 ක් අත්සන් කිරීමට නියමිතය.
එලෙස අත්සන් තබන අවබෝධතා ගිවිසුම් අතරට ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමද ඇතුළත් වන බව ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්වරුන් අතර එළැඹෙන 5 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එම සාකච්ඡා ව අවසානයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ඇති බවත් මිස්රි මහතා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනුර - මෝදි අතර ගිවිසුම් රැසක්
නිමල් පෙරේරා Sunday, 30 March 2025 04:39 PM
1 එක්ටා, 2 ත්‍රිකුණාමලය තෙල් ටැංකි, 3 මන්නාරම පාලම 4 ඉන්දියාව සිට අනුරාධපුරය දක්වා විදුලි රැහැන් පද්ධතිය සහ මෙතෙක් නොකියපු ගිවිසුම් 2 යි මේවා නේද ඔය කියන ගිවිසුම් හය. ඇයි ජනතාවට හෙළි කරන්නෙ නැත්තෙ
මැක්ස් Sunday, 30 March 2025 05:55 PM
හම්මේ ඉතින්, මේ අර "ඉන්දියානු ව්‍යාප්තවාදයක් " ගැන නන් දොඩවමින්, ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමින් සැලකිය යුතු කාලයක් රට මුලා කළ වසවර්ති පක්ෂයේ මිනිස්සු නේද! ඒ අතීතය අමතක කළත්, මේ ඊයේ පෙරේදත්, ඉන්දියාවට ගරහමින්, ශ්‍රී ලංකාව ඉන්දීය කොලනියක් වන බවට කෑ ගසමින්, මෙරටට පැමිණි ඉන්දීය ආයෝජන නැවත හරවා යැවූ කඩාකප්පල්කාරීන්ගේ මුලිකය නේද දැන් තොත්ත බබා න්‍යායයෙන් ඉන්දීය නායකයන් සමග කටයුතු කරන්නේ! ලැජ්ජාවක් නැති උනාම මේවා සුළු දේවල් බව තමයි "මොරාල් ඉස් ද ස්ටෝරි"!
MahSen Sunday, 30 March 2025 08:01 PM
ඉන්දියානු ව්‍යාප්ත වාදය ගැන අනුරගේ NPP එක අමතක කරා වගේ . දැන් JVP නොවේ, NPP නේ!
ගුණරත්න Sunday, 30 March 2025 10:01 PM
කලින් ආණ්ඩුව ගිවිසුමක් ගැන කතා කලත් වර්ජන තර්ජන ගෙනවිත් රට අවුල් කල පිරිස්ම දැන් ඒ ගිවිසුන් අස්සන් කරනවාට අපේ සීයා කියන්නේ ඌරා පිටේ තියාගේන ඌරු මාළු කපනවා කියලයි.
Saman Sunday, 30 March 2025 10:28 PM
ඉන්දියානු ව්‍යාප්තවාදය නමැති බූවල්ලා
Harimanis Monday, 31 March 2025 08:26 AM
අවුරුදු 76 ක් තිස්සේ කකුලෙන් ඇදලා ඇදලා දැන් කකුල ලෙවකනවා ලැජ්ජයි ඔයා ගැන
Toni Monday, 31 March 2025 03:02 PM
සාධාරණ කොටා
prasanna Monday, 31 March 2025 06:21 PM
චේතිය රජු...