
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අද පෙරවරුවේ මීරිගම මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරයට පැමිණ මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
රාමඤ්ඤ නිකායේ මහ නා හිමියන් බැහැ දකින්න ආවේ උපදෙස් ලබාගැනීමට යි.
අපේ රටේ තියෙන එහෙට එහෙට මෙහෙට පනින ගෙම්බි දේශපාලනය ගැන කතා කරන්නයි. රට පත්වෙලා තියෙන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා කළ යුතුදේ ගැන කරුණු අපි විසින් විසින් පෙන්වා දුන්නා. මහ නායක හිමියන් සමඟ සමඟ පැවැත්වූයේ රහස් සාකච්ඡාවක් නොවෙයි. සමහර කරුණු මාධ්‍ය උනත් දැනගන්න ඕනෙත්නැහැ.
සජබෙට එකතු වෙනවා කියන ඔක්කොම පහුගිය මැතිවරණ එකට හිටපු අය. නැත්නම් රාජපක්ෂ පාලනයේ විනාශකාරී ක්‍රියාවන්ට වග කිවයුතු අයයි. මොනවා වුණත් අවශ්‍ය වන්නේ ජනතාවගේ එකතුවයි ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගය සමගයි.
කොහෙන් කොහෙන් හරි කට්ටිය එකතු කරගෙන ඡන්දෙ දිනන්න නොවෙයි.
යම් දේශපාලන මතවාදයක් නියෝජනය කරන්න ඕන. ක්‍රිකට් බෝඩ් එක විනාශ කරපු අයයි. ඒක විනාශ කරනවා කියලා ක්‍රිකට් කීඩාව ආරක්ෂා කරන්න ඕනෑ කියලා කෑ ගහපු අයයි. අද එක වේදිකාවේ ඉන්නේ. ඒ ගොල්ලන්ට එහෙම දේශපාලනය කරන්න පුළුවන් වුණට අපේ දේශපාලනේ ප්‍රතිපත්ති ගරුකයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුර මකුලෑවේ හිමියන් බැහැ දකී
Ekanayaka Friday, 16 August 2024 11:55 AM
9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක...
චන්දිම Friday, 16 August 2024 12:03 PM
ඇයි දන්නේ නෑ පන්සල මතක් වුනේ නේද? මොකද ආගමක් නැහැ වගේනේ...!
යෝගා Friday, 16 August 2024 12:10 PM
ඇයි මේ ගොල්ලෝ නිරාගමිකයි, පන්සල් යාම ගෝත්‍රිකයි කියල කිව්වා නේද? බැලුවාම අනික් අය වගේම තමයි. මූණු විතරයි වෙනස්...!
ANURA ROME Friday, 16 August 2024 12:13 PM
මේ අයට දැන් තමයි පන්සල් මතක් වෙලා තියෙන්නේ. ගහලා පන්නන්න තියෙන්නේ ලංකාව බුද්ධාගමේ රටක් නෙමේ කියපු මිනිස්සුනේ..!
පිටිගල මිලානෝ Friday, 16 August 2024 12:52 PM
රෝමෙ අනුර ඔබ කියන විදියට ලංකාව අයිති බෞද්ධ පංසලකටද? ලංකාවේ නායක මහානායකලද? ආගම් වලට අපහාස නොකර තමාගේ නැණ පමණින් අදහස් දක්වන්න ඉතාලියේ ලංකා මෝඩයෙක් නොවී...
Nishan Friday, 16 August 2024 03:36 PM
පන්සලකට වැද්ද ගත යුතු පිරිසක් නෙවෙයි මේ ඉන්නේ... 87-89 කාලේ බුද්ධාගමට එල්ල කොට කරපු අපරාධ අනුව. ඒත් බුදු හාමුදුරුවෝ අංගුලිමාලටත් අනුකම්පා කළානේ...!
Bernard Perera Friday, 16 August 2024 08:07 PM
අනුර කුමාර දිසානායක මහතා දැන උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රටට හෙළි කරන, හොර, බොරු, වංචා, දූෂණ, කප්පම්, මිනිමැරුම්, චෝදනා නැති එකම නායකයා...!
Prabha Friday, 16 August 2024 08:14 PM
ගීත ලියන්නෝ වැහි වැහැලා. බර වියදම් ඇති...
අරවින්ද මොනරවිල Friday, 16 August 2024 11:03 PM
බොහොම ටික දෙනෙක්ට හුගාක් රිදිලා කියලා පෙනෙනවා.සැත්තැම්බර් 21 දායින් පස්සේ ඇඩෙන්න පුළුවන් බලාගෙනයි!