IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනුර කුමාර විවාදයට දින දෙයි

(යොහාන් භාසුර)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව අද (22) දැනුම් දී තිබේ.  

ඒ මහතා අද (22) පස්වරුවේ සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම ලිපිය යොමුකළ බව එම පක්‍ෂය පැවසීය.

එම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් නොවීම හේතුවෙන් ජනතාව අතර විවාදය සම්බන්ධව වැරදි අදහස් මතු වීමේ ඉඩක් ඇති බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව එම ලිපියේ සඳහන් කර තිබේ.  



අදහස් (11)

අනුර කුමාර විවාදයට දින දෙයි

Prabha Monday, 22 April 2024 11:02 PM

කෙළියා නේද තාප්පෙටම? ගෝලයින්ගේ කටවල් නිසා ලොක්කා නහිනවා...

:       0       0

Sanath Kandy Tuesday, 23 April 2024 12:19 AM

ජයවේවා අනුර සහෝදරයා.

:       0       0

චන්ද කොමසාරිස් Tuesday, 23 April 2024 04:11 AM

දැන් සජිත්ගේ පස්ස පැත්ත ගිනි අරගෙනලු. හර්ෂගේ, නලින් බණ්ඩාරගේ අම්මලාව උදේ හවස මතක්කරනවලු. මිනිස්සු කියනවා සමහරවිට සජිත් කියයිලු " ඕන වෙලාවක මම විවාදයකට ලැහැස්තියි. විවාදය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්විය යුතුයි " කියලා. මට පෙනෙන විදිහට නම් පුතානෝ කියයි "ඔය කියන දවස්වල මම මහජන සේවයේ යෙදෙනවා බලන්න ඔක්තෝම්බර් මාසයේ විතර දින කිහිපයක් එවන්න " කියලා.

:       0       0

අරුණසිරි Tuesday, 23 April 2024 08:24 AM

සජිත්ට වෙන්නේ සිංහ හම පොරවගෙන හිටිය නරියට වෙච්ච වැඩේ තමයි.

:       8       11

ෆ්‍රැන්සිස්කූWednesday, 24 April 2024 06:26 AM

එහෙම වෙන්නෙ කයියනායක කියපු දිනයේම කරන්න එකග වුනොත් තමයි මොකද කිසිම වැදගැම්මකට නැතුව කාලය ගෙවන කෙනෙකුට ඕනෑම වෙලාවක ඉදිරිපත් වෙන්න පුළුවන් සැලසුමක් ඇතුව කලට වෙලාවට වැඩක් කරන කෙනෙකුට එහෙම කියන කියන වෙලාවට එහෙට මෙහෙට යන්න හැකියාවක් නැහැ ඒක තමයි ඇත්ත තත්වය

:       0       1

මැක්ස් Tuesday, 23 April 2024 09:41 AM

ජවිපෙ සහචරයෙක්ව පාවිච්චි කරලා සජිත්ගේ කාල සටහන බලන්න ඇති. හොඳටම කාර්ය බහුල දවස් ටික හොයාගන්න ඇති. මෙන්න මේ දවස් ටිකේ අපට පුළුවන් කියලා ටක් ගාලා කියන්න ඇති. එම දවස් කීපය තුළ සජිත් කාර්ය බහුලයි කීවවාම මෙන්න විවාදයෙන් සජිත් පැනලා යනෝ කියලා ජේවීපී දායක සභාව එක කරේ තියාගෙන සමාජ මාධ්‍යවල තප්පුලන්න පුළුවන්.

:       0       0

Christopher Sepion Tuesday, 23 April 2024 09:43 AM

අනුර අයියා මේ දවස් වල පාඩම් කරනවා.

:       0       0

සිල්වා Tuesday, 23 April 2024 10:41 AM

ගැලරි කතා සහ චරිත ඝාතනවලින් තොර රටේත් මහජනතාවගෙන් අනාගත සුබ සිද්ධිය සඳහා වන ඵලදායක උත්සාහයක් වේවා.

:       0       0

Asela Tuesday, 23 April 2024 10:43 AM

කැට තියලා කියන්නම් සජිත් විවාදයට එන්නේ නැහැ. ආවොත් රෙදි නැතුව යන්න වෙන්නේ. අනුරත් එක්ක ලෙහෙසි පුතයකූට කතාකරලා බේරෙන්න බෑ.

:       0       0

සෝමවංස අමරසිංහ Tuesday, 23 April 2024 02:19 PM

"ඩූ ඕ ඩයිගේ" අවසාන පොලිටිකල් බල්ටියද?

:       0       0

සිල්වා Tuesday, 23 April 2024 05:47 PM

සජිත් කොපමණ වැඩ කාරයෙක් වුණත් අනුර එක්ක වාද විවාද කරලා දිනන්න බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site