IMG-LOGO

අනුර ඊබ්‍රහිම් ගැන කතා කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඊබ්‍රාහිම්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනුව පාස්කු ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වූ බවට කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වී නැතැයි ජාතික ජන බල⁣වේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණට  නගන චෝදනා පුස් වෙඩි මිස සත්‍ය වෙඩි නොවේ යැයිද දිසානායක මහතා කීය.

ඊබ්‍රාහිම්ට විරුද්ධව දිසා අධිකරණයේ 2017 වසරේ පැවරුණු  නඩුවක නීතිඥයා ලෙස කටයුතු කළේ අලි සබ්රි මහතා බව කී මන්ත්‍රීවරයා එහෙම කළා කියා අලි සබ්රි මේ ත්‍රස්ත්‍ර ක්‍රියාවට සම්බන්ධ යැයි ලඝු කළ යුතු නැති බව සඳහන් කළේය.

ඊබ්‍රාහිම්  වසර එකහමාරක් දෙකක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කළ අතර එහිදී  හෝ තම දේශපාලන  ව්‍යාපාරය අදාල සිදුවීම් වලට සම්බන්ධ යැයි කිසිම හෙළිදරව්වක් වී නැති බවද දිසානායක මහතා කීය .



අදහස් (7)

අනුර ඊබ්‍රහිම් ගැන කතා කරයි

මහසෙන් Friday, 22 September 2023 04:48 PM

කබරගොයයි, තලගොයයි දෙගොල්ලෝම ඉන්නවා. ඕනෑ විදියට කන්න පූළුවන්...!

:       8       6

Bamunuarachchi Friday, 22 September 2023 07:13 PM

එබ්‍රහීම් කියන්නේ පාස්කු බෝම්බකරුගේ තාත්තා... ඒ වගේම JVP යාවජීව සාමාජිකයෙක්... එහෙනම් JVP ය හා බෝම්බ කරුවන් අතර සම්බන්ධයේ මැද පුරුක ඒබ්‍රහීම්... ඒ නිසා නේද මෙයාට JVP මන්ත්‍රී කමක් දෙන්න ලැහැස්ති වුණේ... උසාවියේ ඔප්පු නොවුණු පලියට ඔබලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැහැ කියන්න බැහැ..

:       18       18

බමුනුකුලේ.Saturday, 23 September 2023 11:08 AM

ඔහෙට මාර මොළයක්නේ තියෙන්නේ... ඇමරිකාවේ CIA එකට ඇප්ලිකේෂන් එකක් දාන්න. එකෙන්ම බඳවා ගනියි.

:       0       2

Bamunuarachchi Friday, 22 September 2023 07:23 PM

කරුණු කාරණා එහෙමනම් ඝෝඨාභය මහතාත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියා කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වෙලා නැහැ. බෝම්බකරු, ඔහුගේ තාත්තා, JVP යන තුන්ගොල්ලන්ගේ තිබුණු සම්බන්ධයක් වැනි සම්බන්ධයක් හම්බසෙට් එක අතර තිබුණා කියන්න නැහැ. එහෙනම් කොහොමද පාස්කු ප්‍රහාරයට ගෝඨාභය සම්බන්ධයි කියන්නේ? ඊට වඩා ලෙහෙසියෙන් JVP ය පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන්න අපිට හේතුවක්‌ තිබෙනවා අම්මපා...

:       14       18

ANURA ROME Friday, 22 September 2023 07:36 PM

ඊබ්‍රහීම් ඉන්නේ වෙන පක්ෂයක නම් බලන්න තිබුණා. ලපයා කට උල්කරගෙන කෑගහන හැටි ලපයගේ අනිත් හාල්පාරුවන් ටිකත් ගිරිය පුප්පගෙන කාලකණ්ණි...!

:       15       16

බොරු ලපයා Saturday, 23 September 2023 01:11 PM

බොරු කියන, ජනතාව මෝඩයින්ට අන්දන, 88-89 කාලේ රටෙන් භාගයක් විනාශ කරපු ත්‍රස්තවාදීන් නම් ප්‍රභාකරන්ටත් වඩා නපුරුයි...

:       3       0

Bamunuarachchi Monday, 25 September 2023 12:53 AM

ඒ බ්‍රහීම් වෙනුවෙන් අලි සබ්රි පෙනී සිටියා කීමෙන් පෙනෙනවා අනුර කතා කරන්නේ ගැලරියට බව... නීතිඥයින් මුදලට තම මව දූෂණය කළ කෙනාගේ නිදහසට පෙනී සිටින ජාතියක්... ඒ නිසා ඒ ගැන කතා එපා... ඔබලා ඒබ්‍රහීම්ට මන්ත්‍රී පදවියක් දෙන්න ගියේ මෙහෙයුම සාර්ථකව ඉටුකළ නිසා කියා අපි කිව්වොත් වැරැදිද? අම්මපා...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site