IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනාරක්ෂිත ලොරියක් කළ හදියක්

රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ

කුරුණෑගල ගෝනගම ගොඩනැගිල්ලකට විදුලි ලබා ගැනීමට සවිකරන තිබූ  යකඩයක් බඩු පැටවූ ලොරියක පැටලී ගැලවී පාරේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරියකගේ හිසේ වැදීමෙන් දැරිය බරපතළ තුවාල ලබා ඇතැයි වාරියපොල දිසා රෝහල් ආරංචි මාර්ග කියයි.

නියමිත උසට වඩා භාණ්ඩ පැටවූ ලොරියක් විදුලි සැපයුම් රැහැනේ ගැටීම හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සවිකර තිබූ යකඩය ගැලවී ඇති බව ප්‍රදේශවාසීහු කියති.

තුවාල ලද දැරිය උපකාරක පංතියකට සහභාගීවීම පිණිස යමින් සිටියදී සිද්ධියට මුහුණ දී ඇත. අදාළ ලොරි රථය ගෝනගම නගරය ආසන්නයේදී ප්‍රදේශවාසීන් විසින් නවත්වාගෙන ඇත.

බරපතළ තුවාල ලද දැරිය වාරියපොල දිසා රෝහලට ඇතුළත් කළ අතර එහිදී මූලික ප්‍රථිකාර ලබාදිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සදහා දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවිණ.

සිද්ධියෙන් තුවාල ලැබූයේ ගෝනගම අළුපොතගම ප්‍රදේශයේ පදිංචි දැරියකි. කුරුණෑගල පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (3)

අනාරක්ෂිත ලොරියක් කළ හදියක්

ගජමිතුරු Friday, 16 June 2023 06:06 AM

හැංගිලා ඉදල ක්ෂනිකව පාරට පනින රිලාහාමිලා ඔය පැත්තේ නැතුව ඇති නැත්නම් ඔයා කොහේද අහල ප්‍රදේශයේ ලොරියක් නම් යවන්න ඇති ඇත්තටම පැති කණ්නාඩියට පිටුපස නොපෙනෙන තරමට බඩුපැටවීම හා අහස උසට පැටවීම බලන්නෙ නැහැ එහෙම දේවල් හදාගෙන තියෙන දඩ කොලයේත් නැහැ මම නම් ඕකට ලොරිහිමියා පමණක් නොවෙයි ගජමිතුරු ට්‍රැෆික්ලාත් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය කියලා කියනවා

:       0       4

dilushaFriday, 16 June 2023 01:14 PM

වරද රිලාහාමිලාගේ නෙමෙයි, එයාලගේ රාජකාරිය වැඩි දඩ ප්‍රමාණයක් එකතු කොට පලාතේ රිලාහාමිලාග් ලොක්කගේ ප්‍රොෙමා්ෂන් එකට සුදුසුකම් ලබාදීම කියන එක නොව මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම කියලා බලධාරීන් කේරුම් කර නොදීමයි.

:       0       2

Upul Friday, 16 June 2023 06:52 AM

4.5 M දක්වා උසකට බඩු පැ‌ටෙවුවම වරඩක් නොවෙ. 4.5M පහලින් වයර් ඇදපු අය වැරදි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site