IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අනියම් බිරිය සමග කැසිනෝ ගහන්න කඩ කැඩූ හොරා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අනියම් බිරිඳ සමග කැසිනෝ ක්‍රීඩාවේ යෙදීම සඳහා විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී ප්‍රදර්ශනාගාර කඩා රුපියල් කෝටි දෙකකට ආසන්න ලැප් ටොප් පරිගණක ඇතුළු විදුලි උපකරණ තොගයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු එලෙස සොරා ගෙන තිබූ ලැප්ටොප් පරිගණක දාහතරක්,ටැබ් යන්ත්‍ර හතක්,ස්මාර්ට් ජංගම දුරකතන හතක්, විදුලි උත්පාදක යන්ත්‍රයක්, විශාල ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍ර තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

මිට දින කීපයකට ඉහතදී මොරටුව ප්‍රදේශයේ ප්‍රදර්ශනාගාරයක් බිද රුපියල් ලක්ෂ 29 කට අධික දේපල තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය  සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සුපිරි වෙළඳසැලක සේවිකාවකට ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් අඩු මුදලකට විකුණු පුද්ගලයකු පිළිබඳ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ට ලද තොරතුරක් අනුව එම පුද්ගලයා කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් රැසකට සම්බන්ධ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

අනියම් බිරිය සමග කැසිනෝ ගහන්න කඩ කැඩූ හොරා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site