(ටෝනි කරුණානායක සහ තිලකරත්න දිසානායක)
මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.
ගම්පහ , පහලගම ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් චතුරංග නැමැති කුඩා දරුවා මෙසේ ඝාතනය කර තිබේ.
පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන්ට ලද තොරතුරක් මත දරුවා පදිංචිව සිටි පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එම දරුවාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් අද අළුයම 2.30 ට පමණ කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවත් එම දරුවාගේ මවගේ අනියම් සැමියා වු සැකකරුව ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි .
ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි .
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2243
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනියම් බාප්පාගේ පහරින් හය හැවිරිදි සිඟිත්තෙක් මරුට
Senarath Tuesday, 13 December 2022 11:54 AM
මෙ වගේ තිරිසනුන්ට මරන දන්ඩනය හැබෑවටම දුන්නට වරදක් නැහැ. නමට මරන දන්ඩනය දීල හිරේ දමාගෙන කන්න දිදී මුරකරන එක ජාතික අපරාදයක් ද රටෙ මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දිත්.
arschfikaa Tuesday, 13 December 2022 11:01 PM
ඔක ඉතින් හැමඩාම කිය කියා ඉන්නෙ නැතුව, උබලාට බැරිනම් මිනීමරන්න සුරුට්ටුවන්ව වහාම සෞදි අරාබියාවට භාර දියල්ල. එගොල්ලො ලස්සනට වැඩෙ කොරල දෙයි.
Mr Don Wednesday, 14 December 2022 08:50 AM
අමු තිරිසන්නු, පව් අහිංසක දරුවා.
Goathaya Wednesday, 14 December 2022 04:28 PM
ආයුධ පෙන්නන්න ගල්වලකට එක්කන් යන්න මේකාව...
A.M ලක්මාල් සංජීව Thursday, 15 December 2022 10:39 PM
මරණ දඩුවම දෙන්න ඕන ආයෙත් මේ වගේ වැඩ රටේ සිද්ධ වෙන්නේ නැතුව තියන්න