
ලාබාල අයකු හා තවත් අයකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ තිදරු මවක එක් අනියම් සැමියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මැදිරිගිරිය ධීවර ගම්මානය, මිරිස්හේන පදිංචි තිදරුමවකි.
ඝාතනය සිදු කළ බව කියන සැකකරු ඒ් ආසන්නයේම තිස්සපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 හැවිරිදි තිදරු පියෙකි. ඔහු වෘතියෙන් ධීවරයකු බව පොලිසිය පවසයි
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා විදුලිසැර වැදීමකින් මීට මාස 4 පමණ පෙර මියගොස් ඇති අතර ඒ් වන විටත් ඇයට වඩා වයසින් අඩු ලාබාල තරුණයකු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
ලාබාල තරුණයා සමග ජීවත්වන අතර තුර ඇය වෙඩි තැබූ බව කියන තිදරු පියා සමග ද අනියම් ඇසුරක් ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇත.
එම පෙම් හබය දුර දිග යාමෙන් ඊයේ රාත්‍රී 7.10 පමණ මෙම කාන්තාව යාබද නිවසේ පදිංචි සිය මවගේ නිවසේ සිට පිසින ලද බත් භාජනයක් රැගෙන නිවස පිටුපසින් ඇගේ නිවසට ඇතුළු වෙද්දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදුණු අවස්ථාවේදීම තුවාලකාරිය මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඇය මියගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
474
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනියම් පෙම් කතක් මරයි
මල් මාමා Friday, 16 June 2023 09:32 PM
ඔය ගහේ ගෙඩි කෑවොත් ඔහොමම තමයි...
Rajeev Saturday, 17 June 2023 12:29 AM
වැරැදි කරන අයට හොඳ පාඩමක්..., මහත්තයා නැතිවෙලා මාස 4 යි, අනියම් පෙම් දෙකක්,...
S W kumari Saturday, 17 June 2023 04:44 PM
ඔයවගේ වැඩකරන අයට ඔහොම තමයි වෙන්නේ...!
Asitha Sunday, 02 July 2023 05:45 PM
දියුණු රටවල මේ වගේ සිද්ධියකදී කවුරුත් මිය නොයයි...
Santth Monday, 03 July 2023 06:29 PM
කඩේකින් තේ එකක් බීලා පුරුදු වුණා නම් අනික් මිනිස්සුන්ටත් ඉඩදෙන්න වෙනවා. කඩේ අයිතිකරගන්න ගියාම ඔහොම දේවල් වෙන එක නවත්වන්න බැහැ. දැන් ඉතිං අම්මා තාත්තා නැති ළමයි 3 යි. අවුරුදු 12ට තාත්තා නැති ළමයි 3....