IMG-LOGO

අනියම් ‌පෙමට බැහැ කියූ දෙදරු මව මරලා

(ආනන්ද ඉ ජයකොඩි)

අනියම් ප්‍රේම යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව කියන දෙදරු මවක් වූ තිස් හත් හැවිරිදි ඇගළුම් සේවිකාවක් පිහියකින් ඇණ ඝාතනය කොට පයිනස් වත්තක සැගවී  සිටි ඝාතකයෙකු අද (22) පාන්දර අත් අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පැවසීය.

අලවල හෑපනාකන්ද ප්‍රදේශයේ පදිංචි වතුපිටිවල අපනයන සැකසුම්  කලාපයේ ඇගළුම් සේවිකාවක් වශයෙන් සේවයේ නියුතුව සිටි තිස් හත් හැවිරිදි  විවාහක දෙදරු මවක් වන  ඇන් එච් ආර් ශ්‍යාමලී නැමැත්තිය  ඊයේ (21) පස්වරුවේ හෑපනාකන්ද ප්‍රදේශයේ දී මග රැක සිටි පුද්ගලයෙකු ඇයට පිහියකින් ඇණ  බරපතල තුවාල සිදු කොට පැන ගොස් තිබිණ.

බරපතල තුවාල ලබා සිටි ඇය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටියදී ඊයේ (21) රාත්‍රියේම මිය ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබිණ.

මේ පිළිබඳව ලද තොරතුරකට අනුව අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් අද (22) පාන්දර හෑපනාකන්ද ප්‍රදේශයේ පයිනස් වත්තක් වටලා සෝදිසි කළ අවස්ථාවේ එහි සැගවී සිටි  ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

සැකකාර ඝාතකයා අත් අඩංගුවට ගෙන වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී සැකකාර ඝාතකයා ඇගළුම් සේවිකාවට  අවස්ථා කිහිපයක්ම අනියම් සම්බන්ධයක් පැවැත්වීම සඳහා යෝජනා කර ඇති   බවත් ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඝාතනය සිදු කොට ඇති බවට හෙළි වී ඇත.

ඇගළුම් සේවිකාව සේවය නිමා කොට බස් රථයකින් පැමිණ බැස නිවසට යාම සඳහා වනගත ප්‍රදේශයක් හරහා පා ගමනින් යමින් සිටියදී මග රැක සිට පිහි ප්‍රහාරය එල්ල කොට ඇති බවද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනයට යොදා ගත් බව කියන පිහියක්ද සගවා තිබියදී පොලීසිය සොයා ගෙන ඇත.

ඝාතකයා ද අලවල හෑපනාකන්ද ප්‍රදේශයේම පදිංචි හතළිස් හත් හැවිරිදි  අවිවාහකයෙකු බවට පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මේ පිළිබඳව අත්තනගල්ල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා ගම්පහ සහකාර පොලිස් අධිකාරී 05 උපාලි කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතා ගේ මෙහෙය වීම යටතේ එහි උප පොලිස් පරීක්ෂක ධර්මසිරි, පොලිස් සැරයන් කිත්සිරි 9332, පොලිස් කොස්තාපල් වරුන් වන රාජපක්ෂ 12015, පොතුපිටිය 97432 හා පොලිස් සැරයන් රියදුරු බණ්ඩාර 34568 යන මහත්වරු වැටලීමට සහභාගි වූහ.



අදහස් (2)

අනියම් ‌පෙමට බැහැ කියූ දෙදරු මව මරලා

KALINDU Thursday, 22 September 2022 01:51 PM

මෙ වගෙ අයව නම් අයුද පෙන්නන්න ගෙනිච්චට කමක් නැහැ.

:       0       10

Surain Thursday, 22 September 2022 03:33 PM

සැබෑ ලෙසම පෝරකයට යවන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site