IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනුමත වූ ණය තව දින දෙකෙකින් ලැබේවි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ  ණය මුදලේ පළමු වාරිකය වූ ඇමෙරිකා ඩොලර් මිලියන 333ක මුදල තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෘව මහතා පවසයි.

ඉදිරි වාරික ලබාදීම සෑම මාස හයකට වරක් ශ්‍රී ලංකාව මත සිදු කරන සමාලෝචන මත  රඳා පවතින බව ද ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී සඳහන් කළේය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් අනුමත කිරීමේදී සලකා බලන ප්‍රධාන සාධකය වන්නේ ණය තිරසර බව ද ශ්‍රි ලංකාව තුළ තවමත් ණය තිරසර භාවයක් නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඇමෙරිකා ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ඊයේ අනුමත කළේය.



අදහස් (0)

අනුමත වූ ණය තව දින දෙකෙකින් ලැබේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site