IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පොහෝය අදයි

(ඩයනා උදයංගනී)

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පෙහෝ දිනය අදට (24) යෙදී ඇත.

ශ්‍රී ලාංකික ජනතාවට සුවිශේෂී වූ දිනයක් ලෙස පොසොන් පෝය දිනය හඳුන්වාදිය හැකිය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස නිර්මල බුදුදහම රැගෙන වැඩම කරවනු ලබන්නේ ද අද වැනි දිනකය.

අනුරාධපුරය, මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහරහතන් වහන්සේ ලක්දිව එදා පාලනය කළ දෙවන පෑ තිස් නිරිදුන් හමු වූ ඓතිහාසික දිනය වූයේ ද අද වැනි පොසොන් පොහෝ දිනකය.

තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයක් ගැන ශාසන ඉතිහාසයේ සඳහන් වේ . ඉන් වැදගත්ම එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද,

ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු වන්නේ ද අද වැනි පොසොන් පොහෝ දිනකදීය.

“මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා මුණ ගැසීමෙන් අනතුරුව රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කළේද මෙම උතුම් පොසොන් පොහොය දිනයේ දීය.

ජාතියක්‌ වශයෙන් අපේම වූ ආගමක්, සංස්කෘතියක්, කලාවක්, සමාජ සාරධර්ම,සාහිත්‍යය ලෝකයම පිළිගත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ කරන්නට මිහිදු හිමියන්ගේ ලංකා ගමනය ඉවහල් වු බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

කොවිඩ් වසංගතතත්වය රට පුරා ව්‍යාප්තවීම හේතුවෙන් මෙවර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ දී ද ආගමික කටයුතු නිවසට පමණක් සීමා කිරීමට බෞද්ධ ජනතාවට සිදුව තිබේ.

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙමින් නිවෙස්වලමට වී ආගමික වතාවත්වල නිරත වන ලෙස මහ නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ද බෞද්ධ ජනතාවට උපදෙස් දුන්හ.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලා පුදබිම කෙන්ද්‍රකර ගනිමින් අද (24) පැවැත්වෙන අතර එය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කර ඇත.

රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමීව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජ මහා විහාරස්ථාන මූලික කරගනිමින්ද උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම උත්සව සංවිධානය කර ඇත.

මීට අමතරව සීමාසහිත විජය පුවත්පත් සමාගම ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී වාර්ෂිකව පවත්වන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් අද (24) පස්වරුවේ පැවැත්වේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ඉකුත් වසරේද ජනතාවට පොසොන් පොහොය නිවසේ සිට සැමරීමට සිදුවූ අතර 2019 වසරේද පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් පොසොන් සමරන්නට සිදුවූයේ සීමා යටතේය.

 



අදහස් (3)

අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පොහෝය අදයි

Manjalee prasadi abewickrama Saturday, 27 August 2022 05:07 PM

අපි නොදන්න දේවල් ගැන දැන ගැනීමට මෙය අපිට පිටුවහලක් විය. තවතවත් ඔබසැමට තෙරුවන් සරණයි..!

:       1       23

LeSaturday, 13 May 2023 09:59 PM

ප්‍රථම රහතන් වහන්සේ කවුද?

:       3       16

පක්ෂීන් ගැන කොළඹ හා Friday, 29 December 2023 10:54 AM

මෙම ක්‍රමය භාවිතා නොකර සිටීම සහ එරට රජය නොමසුරුව අවශ්‍ය වන අතර එහි ඇති වැදගත්කම අඩු කිරීම මම හෙට ඉස්කෝලේ කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් ඕනෑ විදිහකට නොමිලේම එවන්න. මෙන්න ලිපිනය බලන්න. මම හෙට ඉස්කෝලේ එන්නේ නෑ. ගෙදර ඇවිත් කෑමත් කාලා නෑ.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 682 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17820 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site