IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියලු කටයුතු අඩාලයි

(ගයාන් සූරියආරච්චි)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ජල, විදුලිය, ඇතුළු අන්තර්ජාල පහසුකම් පවා අත්හිටුවා ඇති බව  විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපතිනි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් මේවන විට මාස දෙකක පමණ කාලයක සිට සිසුන්ගේ අධ්‍යාපනය කටයුතුවලට විවිධ බාධා එල්ලවී ඇති බවත් සූරියබණ්ඩාර මහත්මිය කීවාය.

අන්තර්ජාල පහසුකම් මාසයක් තිස්සේ අත්හිටුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන්ට දේශන පැවැත්වීමට ද නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පෞද්ගලික මුදලින් අන්තර්ජාල පහසුකම් සපයාගෙන දේශන පවත්වන බවත් සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.

මෙයට අමතරව ජලය, විදුලිය, ඇතුළු අත්‍යවශ්‍ය සේවා පහසුකම් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය මහාචාර්යරුන්ට නොලැබෙන අතර විදුලිය කැපීම හේතුවෙන් අධි ශීතකරණවල තැන්පත් කර ඇති පර්යේෂණ අවධානමකට ලක්වී ඇති බවත් මහාචාර්යවරිය පැවැසුවාය.

ඒ අනුව මෙම අවනඩුව පිළිබදව වගකිව යුතු බලධාරීන් අවධානය යොමු කළ බවත් මුනිවත රැකීම ප්‍රශ්නයට පිළිතුරක් නොවන බවත් මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය.



අදහස් (10)

අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියලු කටයුතු අඩාලයි

චේතනා Thursday, 27 June 2024 02:08 PM

අනද්‍යන සේවකයො කොහොමද විදුලිය නවතන්නෙ? මේ රටේ ප්‍රශ්නෙ ඕක තමයි, රාජ්‍ය ආයතන ඇතුලේ වෘත්තිය සමිති සීමාවට වඩා බලය ගන්නවා. නඩු පවරා අලාභය අය කරගන්න.

:       12       57

dasun Thursday, 27 June 2024 02:31 PM

මේ මාසයට අදාල ගෙවීම වහාම නතර කරන්න... එතකොට ඔය තද ගතිය සේරම ඉවරයි

:       11       45

Nilantha PahathgamaFriday, 28 June 2024 07:40 AM

වර්ජනය කරද්දී වැටුප් හා දීමනා ගෙවන්නෙ මොකටද. වහාම ගෙවීම් සියල්ලම නතර කරන්න. අධ්‍යාපන ඇමතිට අධිකරණයට ගොස් තහනම් නියෝගයක් ගන්න බැරිද .මේකෙන් පේන්නෙ කයියනායකට ජනාධිපති තනතුරු නොලැබෙන බව සත්‍යම නිසා කරන උප්පරවැට්ටියක් කියලා පැහැදිලියි .නැත්නම් තමන්ට ජයග්‍රහණය පැහැදිලි නම් අපි ආවාම ඔක්කොටම වැටුප් වැඩිකිරීම කරනවා .වැඩට යන්න කියලා ඉල්ලන්න පුළුවන් නේද .කොහොම වුනත් ජෙප්පො දරුවන්ට අධ්‍යාපනය දීමට කිසිදාක කැමති නැහැ. ඒක තමයි වෙලා තියෙන්නෙ

:       0       5

sene Thursday, 27 June 2024 02:48 PM

පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.' අනධ්‍යන සේවකයින්ට නොමැති මුදල් මොවුනට කොහෙන්ද ? චන්ද ?

:       7       21

Jesse Thursday, 27 June 2024 02:59 PM

වතුර බිල් විදුලි බිල් ඉන්ටනෙට් බිල් ගෙවලා නෑ ඒකයි ඔය

:       7       13

Kasun Thursday, 27 June 2024 04:45 PM

ඔක්කොම නිකන් දීපුවාම වැඩ කරන කිසිම කෙනෙකුට පඩියක්වත් ලැබෙන්නේ නෑ. දියුණු රටක් වෙන්න උත්සාහ කරනවා. හැබැයි සිස්ටම් එක වෙනස් කරන්න ඕනෑ කමකුත් නැහැ.

:       2       5

Dr. Nalaka Geekiyanage Thursday, 27 June 2024 06:07 PM

විශ්ව විද්‍යාලය අනධ්‍යන කාර්ය මණ්ඩලය තමයි සියළුම මුදල් කටයුතු ගෙවීම් පහසුකම් නඩත්තු කටයුතු කරන්නේ මේ පිරිස නැතුව විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්න බැහැ. බිල් ගෙවීම් නැවතිලා තැනතැන ලයිට්, වතුර අන්තර්ජාල පහසුකම් පානීය ජලය නැහැ. ප්‍රායෝගික පරීක්ෂණ විභාග කටයුතු මුළුමනින්ම නැවතිලා, පිඨ මණ්ඩල සනාතන සභා කවුන්සල රැස් වෙන්නේ නැහැ. මේ පිරිස ඉල්ලන්නේ ජීවත් වෙන්න පුළුවන් තමන්ට විතරක් නුදුන් අනෙකුත් සියලුම රාජ්‍ය සේවයට දුන්නු හිඟ වැටුපක් මහජන මුදල් බිලියන 54 ක් බොල්ණය විදිහට දූෂිත මුදලාලි ආයතන වලින් කපා දාන්න පුළුවන් රේගුවෙන් අනුමත කොට තීරණයන් අවසන් කීමෙන් පසු අය කරන යුතු වංචනික බදු නොගෙවූ ආයතන වලින් කෝටි ගණන් අය කරගන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැ. මේ අදහස් දක්වන අයවන අළුත් අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක තව අවුරුදු 12කින් විතර ලැබෙන කොට තේරෙයි මේ රටේ පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වලපල්ලට යැවීමේ වරද නිවැරදි කරන්න බැරි බව...

:       5       12

Ruwan De Silva Thursday, 27 June 2024 08:13 PM

ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරලා වැඩක් නෑ. 70-80 දශකයේ ඉඳන්ම ඔහොම්මයි... මටත් අවුරුදු 20කට කලින් අවුරුදු 3නේ උපාධිය ගන්න අවුරුදු 5ක් ගියා ඔය වගේ වැඩවර්ජනය හින්දා, ළමයින්ගේ අනාගතය තමයි මොවුන් විනාශ කරන්නේ. මම කියන්නේ පිටරට වගේ විශ්වවිද්‍යාල ස්වාධීන කරන්න ඕනේ, නැත්තං හරි විදියට ලාබ නොලබන විශ්ව විද්‍යාලය විදියට පෞද්ගලිකරණ කරන්න ඕනේ. (මම ඇමරිකාවේ උපාධියක් කරපු විශ්ව විද්‍යාලය ඇමරිකාවේ රෝමානු කාතෝලික පල්ලියෙන් පාලනය වන ලාභ නොලබන පෞද්ගලික විශ්වවිද්‍යාලයක්, මට ශිෂ්‍යත්වයක් හම්බවුන හින්දා රෑට කෑමයි, ඇදුම් වලට විතරයි වියදම් වුනේ ඔක්කොම නොමිලේ, මොකද මම අර්ධකාලීන රැකියාවක් කරා රෑට)

:       5       8

SamFriday, 28 June 2024 10:05 AM

ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන කිසිම වියදමක් නැතුව උපාධියකුත් අරගෙන ශිෂ්‍යත්වයකින් ඇමරිකාවට ගිහින් දැන් විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය කරන්ඩලු!!! මොන තරම් ගුණමකුවෙක්ද?

:       2       3

Wathsala sithum Dissanayake Friday, 28 June 2024 11:16 AM

මම ශිෂ්‍යයෙක් ,,ඔය ස්ට්‍රයික් කරත් නැතත් දෙකම එක වගේ තමයි .ඔය මිනිස්සු වැඩට ආවත් කරන්නෙ නිකම් ඉන්න එකම තමයි.උදේ 8ට වැඩ පටන් අරන් 9ට තේ බොන්න යනවා ආයෙ එන්නෙ 10.30 පැනලා .ආයෙ 11.30 ඉඳන් කෑමට ගියාම එන්නෙ..2.00පහු වෙලා. ඊළඟට හවස තේ වලට 2.30 ඉඳන් ලෑස්ති වෙලා ආයෙ එන්නෙ 3.45ටවිතර...ඊළඟට 4.30ට off වෙලා ගෙදර යනවා...ඕවාට කාලෙ ගියාම වැඩ කරන්නෙ පැය කීයද? අපෙ කාලෙ නිකම් විනාශ වෙනව විතරයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1086 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site