
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
නිරෝධායනය සඳහා යොමු කළ පිරිසක් රැගෙත් සුඛෝප භෝගී බසරථයක යාපනය, මට්ටුවිල් ප්‍රදේශයේ දී පා පැදිකරුවකු ගැටී මිය යාමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථයට ගල්මුල්වලින් පහරදී අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය සහ යුද හමුදාව එක්ව කලහාකාරි පිරිස පාලනය කර විසුරුවා හැරීමට කටයුතු කළ බවත් බස් රථයට හානි කළ බව කියන පස් දෙනකු අත්අඩගුවට ගත් බව පොලිසිය කියයි.
විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යාපනය වාසවිලාන් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්තානයකට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
බස් රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.



COMMENTS
ආරක්ෂක අංශවල රියදුරන් මාර්ග නීති කඩකරමින් පාරේ ගමන් කරන ජනතාවගේ ජීවිත අනතුරේ හෙළමින් ඉතා අවිනීතව මාර්ගවල ගමන් කිරීම නිතර දකින්න ලැබෙන දසුනක් බව කණගාටුවෙන් කියන්න සිදුවෙනවා. මියගිය පුද්ගලයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..!!!