IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අනතුරින් පසු හිමිනම ඇපේට තබා රියදුරු පලා ගිහින්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ  විජය රජ දහන ප්‍රදේශයේ  සුඛෝපභෝගී ජීප් රියක් හා ත්‍රී රෝද රථයක් ගැටී     සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රියදුරා  මිය ගොස් ඇති අතර අනතුරින් පසු  ජීප් රියෙ රියදුරු එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ සිටියදී පලා ගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි .

මියගොස් ඇත්තේ.මීරිගම පොහොන්නරුව ප්‍රදෙශයේ පදිංචිව සිටි  වෘත්තියෙන් කොන්දොස්තරවරයකූ වූ  බීඩිි  ඇල්ලගේ උපාලි ලලිත් තිලකරත්න නැමති 40 හැවිරිදි එක් දරු පියෙකි. 

පස්යාල දෙස සිට  පැමිණ ඇති ත්‍රීරෝද රථය දකුණට හැරවිමේදී මීරිගම දෙසින් ්පැමිණි ජිප් රියේ ගැටී ඇතිඅතර  බරපතල තුවාල ලත් ත්‍රීරෝද රථ රියදුරු මීරිගම රෝහලට ඇතුලත්කිරීමේදී මිය ගොස් ඇත . 

 අනතුරට ලක් වූ ජීප් රථය හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ට අයත් එකක් බව ද බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සමග අනුරාධපුරය බලා ගොස්  කරඬුවක් රැගෙන එමින් සිටින   අතර දී මෙම අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් පසු එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ සිටිය දී රියදුරා පලා ගොස් ඇතැයි ද  රියදුරා සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා දීමට භික්ෂූන් වහන්සේ අසමත් වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .

වාහන හිමිකරු මාර්ගයෙන් රියදුරු හඳුනාගෙන  අත් අඩංගුවට ගැනීමට  පියවර ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

අනතුරින් පසු හිමිනම ඇපේට තබා රියදුරු පලා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site