IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනතුරින් පොලීසියේ 4ක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොස්තාපල්වරයෙකු පැදවූ යතුරුපැදියක් කළුතර පළාතොට  කැලි කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානය අසලදී ලිස්සා පෙරළී ගොස් පුහුණු කටයුතු සඳහා ගමන් කරමින් සිටි පොලිස් කණ්ඩායමක ගැටීමෙන්  එම නිලධාරියා ඇතුළු සිව්දෙනකු තුවාල ලැබූ බව කළුතර දකුණ පොලිසිය කියයි.

තුවාල ලැබූ සෙසු තිදෙනා ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බව පොලිසිය කියයි.

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරෙකු කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීම සඳහා පුද්ගලික යතුරු පැදියෙන් නාගොඩ සිට පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත ගමන් කරමින් සිටියදී   මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලද නිලධාරීන් සිව් දෙනාම කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි යතුරු පැදිය පැදවූ පොලිස් කොස්තාපල්වරයා, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

 

 



අදහස් (0)

අනතුරින් පොලීසියේ 4ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site