IMG-LOGO

අනතුරට පත් නෞකාවේ තෙල් ඉවත්කිරීම ඇරඹේ

 

 

(ජේ.කේ.එල් චාමින්ද)

රූමස්සල කඳුවැටිය අසලදී අනතුරට ලක්ව සිරවී ඇති ‘ග්ලොරී ටු ගෝ’ නැමති වෙළඳ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇති තෙල් ඉවත් කිරීමේ මුලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව සමුද්‍රජිවී පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

සමුද්‍ර දුෂණ වැළැක්වීමේ පනතට අනුව නෞකාවේ ඇති තෙල් ඉවත්කර ගන්නා ලෙස අදාළ නෞකාවේ එජන්තවරුන්ට දැනුම් දුන් බවද සමුද්‍රජිවී පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

ඒ අනුව   නෞකාවේ ඇති තෙල් ඉවත් කිරීමේ කටයුත්ත  නෞකාව අයත් සමාගම විසින් වෙනත් ආයතනයකට පවරා ඇති අතර සමුද්‍රජීවී දුෂණ අධිකාරියේ අධික්ෂණය යටතේ නෞකාවේ තෙල් ඉවත් කිරීමේ මුලික කටයුතු  ආරම්භ කර තිබේ.

අද (21) උදෑසන දැඩි දුෂ්කරතා මධ්‍යයේ නාවික හමුදාව හා අදාළ කාර්ය මණ්ඩල නෞකාව වෙත ළගාවී තෙල් ඉවත් කිරීමේ මූලික කටයුතු ආරම්භ කරනු ලැබීය. 

උදම් රළ පහර නිසා නෞකාව තුළ සිටිම මෙන්ම එම කටයුතු කරගෙන යාමේ දී නාවික හමුදාව හා අදාළ කාර්ය මණ්ඩල දැඩි දුෂ්කරතාවයට ලක්ව ඇත. නෞකාවේ තෙල් ඉවත් කිරීම සඳහා යොදා ඇති පොම්පය අක්‍රීය වී ඇති අතර එය යළි යථාතත්වයට පත් කිරීම සඳහා අදාළ කාර්ය මණ්ඩල මේවනවිට කටයුතු කරමින් සිටිති.

සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය  සාමාන්‍යධිකාරි රංජිත් ගුණසේකර  මහතා මෙසේ කීවේය.

"නෞකාවේ තියෙන තෙල් ඉවත් කිරීමේ  මුලික කටයුතු ඊයේ (20)  ආරම්භ කරලා තියෙනවා. නමුත් මේ කටයුතු සඳහා කාලගුණික තත්වය හා මුහුදේ පවතින තත්වය  අහිතකර ලෙස  බලපා තියෙනවා. තෙල් විසිරීමක් නැහැ තෙල්. ටැංකිය තියෙන්නේ  ගොඩක් ඉහළින්. නෞකාවේ බද අනතුරකට ලක්වෙලා නැහැ. මේ නෞකාව මගින් සිමෙන්ති සඳහා අවශ්‍ය ක්ලින්කර් වරාය වෙත ප්‍රවාහනය  කරලා තියෙන්නේ. නමුත් දැනට මාස අටක කාලයක් තිස්සේ නෞකාවේ ඇති වී තිබෙන කාර්මික දෝෂයක් නිසා  තමයි ඒ තත්වය ඇති වෙලා තියෙන්නේ. ගාලු වරායේ පිටත නැංගුරම්ලා තිබිලා තියෙනවා එහිදි තමයි නෞකාව නැංගුරම් කඩාගෙන ඇවිත්  රූමස්සල කඳුවැටිය අසල හිරවෙලා තියෙන්නේ" යැයි ද නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

අනතුරට පත් නෞකාවේ තෙල් ඉවත්කිරීම ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 889 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site