IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනංගයන් තවත් පිරිසකට වැඩ වරදින හැඩ

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන  කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් තවත් කිහිප දෙනෙකුට එරෙහිව  විනය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් විමර්ශන පවත්වන අතර එහි  වාර්තාව ඉදිරි සතියේ දී පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ  කුෂානි රෝහණදීර මහත්මියට බාරදීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහ පාලකවරයා වැඩ තහනම් කරනු ලැබ සිටී.

ලිංගික හිංසන කටයුතු වලට සේවකයන් කිහිපදෙනකු උදව් කර ඇතැයි සේවිකාවන්ගේ  සාක්ෂිවලින් තොරතුරු අනාවරණයවී ඇති බවත් එම සේවකයන් සම්බන්ධයෙන් මේ අනුව ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව  කතානායකවරයා විසින්  පාර්ලිමේන්තුවටද කරුණු ඉදිරිපත් කරනු ලැබීමට  නියමිතය.

පාර්ලිමේන්තුවේ මෙවැනි කටයුතු වැළැක්වීමට පාර්ලිමේන්තු මහලේකම්වරිය  විසින් විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත. සිද්ධියට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය  පසුගියදා ප්‍රකාශ කළාය.


 



අදහස් (3)

අනංගයන් තවත් පිරිසකට වැඩ වරදින හැඩ

de silva Saturday, 26 August 2023 07:12 PM

ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් පොලිස් පරීක්ෂණ සිදුකර උසාවියට ඉදිරිපත් නොකර සති 3-4ක් තිස්සේ නටන නාඩගමේ තේරුම මොකක්ද? ලිංගික අපයෝජනයක් සිදුවෙලා තියෙනවා නම් ඒකට දඬුවම් කරන්න පාර්ලිමේන්තු ලේකම්ට තිබෙන බලතල කුමක්ද? 

:       1       5

ජුනයිඩ් මාමාSunday, 27 August 2023 08:58 AM

තවත් එක් අපචාර කාරයෙක් අනිත් උන්ටත් එක්කම උත්තර දීලා තියෙන්නේ... මෙයා ගැනත් හොයා බලන්ට වෙයි...

:       1       1

Bunny Preena Monday, 28 August 2023 02:05 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙ කිව්වලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site