
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට මත්තල ප්‍රදේශයෙන් පැමිණි වන අලියකු පලවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරී සේවකයෝ කටයුතු කළහ.
පෙරදින රාත්‍රී එකොළහට පමණ හම්බන්තොට මාර්ගයේ කිලෝ මිටර් 1.9 කිලෝ මීටර් කණු අසල විදුලි වැටටද හානි සිදු කරමින් අධිවේගී මාර්ගයට මෙම අලියා පැමිණ කිලෝමීටර් තුනක් පමණ දුරට ගමන් කර ඇත.
අලියකු අධිවේගී මාර්ගයට පැමිණ ඇති බවට සැලවූ වහාම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයකයින් අලි වෙඩි දමා අලියා පලවා හැරීමට කටයුතු කර ඇති අතර මත්තල පිවිසුමෙන් අලියා පිටතට ගොස් වන වැදි ඇත.
එම අවස්ථාවේදී අධිවේගී මාර්ගයට මත්තල පිවිසුමෙන් ඇතුළු වන සහ පිටවන වාහනය නතර කර තැබීමට පොලිස් නිලධාරීන්ද කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
909
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2532
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අධිවේගයට ආ වන අලියා