IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


අධික මිලකට එළවළු අලෙවි කළ 7ක් අල්ලයි

(තිලකරත්න දිසානායක)

අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හමුවේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින අවස්ථාවක පාරිභෝගිකයින් මුලාවට පත් කරමින් , මිළ ප්‍රදර්ශනය නොකොට අධික මිලකට එළවලු අලෙවි කළ වෙළඳුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 

මිළ ගණන් ප්‍රදර්ශනය නොකොට එළවලු අධික මිලට අලෙවි කරන බවට ලද පාරිභෝගික පැමිණිලි මත ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ සහ මීගමුව යන ප්‍රදේශවල එළවලු වෙළදසල් 25 ක්  පරීක්ෂාවට ලක් කිරීමට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතා පැවසීය.  

අත් අඩංගුවට ගනු ලැබූ එළවලු වෙළඳුන්ට එරෙහිව , මිල ප්‍රදර්ශනය නොකිරීම සහ සලකුණු කොට තිබූ මිලට වඩා වැඩ් මිලට අලෙවි කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවත් නියම කරනු ලබන දිනකදී මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල යන මහේස්ත්‍රාත් අධිකරණයන් හමුවේ පෙනී සිටීමට යටත්ව චූදිතයින් බැදුම්කර ඇප මත මුදාහළ බවත් දිස්ත්‍රික් ප්‍රධානීවරයා සදහන් කළේය. 

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සහ ගම්පහ දිසාපති ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතාගේ මෙහෙයවීම යටතේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදු කොට ඇත. 

 

 

 



අදහස් (0)

අධික මිලකට එළවළු අලෙවි කළ 7ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6112 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 312 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 339 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1272 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site