IMG-LOGO

අධිකරණ 27 ක් ගිනි තැබූ අය රටේ යුක්තිය ගැන අහනවා

(අංජුල මහික වීරරත්න)

එදා අධිකරණ 27 ක් ගිනි තබපු අය රටේ යුක්තිය කොහිදැයි අහන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

පාසැල් 170 ක් ගිනි තැබූ අය අධ්‍යාපනය විනාශ වුණේ කොහොමදැයි අසන බවද රාජපක්ෂ මහතා කීය. 

රටේ 76 වසරක ශාපය ගැන කථා කරන අය දේශපාලන නායකයින් කළ සේවය පිළිබදව කථා කරන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ වසර 25කට අධික කාලයක් අඛණ්ඩව පෙර පාසැල් ගුරුවරුන් ලෙස කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසැල් ගුරුවරියන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විසුරු පදවි පිරිනැමීම වෙනුවෙන් ගාල්ලේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව ආර්ථිකය ස්ථාවර කරන්න බැරි බව කී අමාත්‍යවරයා  දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටුණොත් ආර්ථික ස්ථාවරත්වය විනාශ වෙන බව සඳහන් කළේය.



අදහස් (10)

අධිකරණ 27 ක් ගිනි තැබූ අය රටේ යුක්තිය ගැන අහනවා

Cham Monday, 26 February 2024 05:27 PM

හැමෝම බයවෙලා වගේ ගතියක් පේන්නේ...

:       20       31

පුරවැසියා Monday, 26 February 2024 05:34 PM

දැන් ඉතින් මොනවා කිව්වත් වැඩක් නැහැ නේද මහත්තයෝ...?

:       17       25

පිටරටවැසියා Monday, 26 February 2024 05:45 PM

එදා 27 යි, අගවිනිසුරු අයින් කරනකොට මොන පිළේද හිටියේ කියලා අමතකද?

:       12       34

සෙනෙවිරත්න Monday, 26 February 2024 06:44 PM

ඒකට හිලව්වටද හිතුමනාපෙට පනත් සම්මත කරගන්නේ නඩු කාරයින්ට බාල්දාන්නේ, එතකොට ඒකමයිනේ තමුන් නැහැලා කරන්නේත්? වසර හතලිහකට පෙර කැරලිකරුවෝ කරපුවා කියව⁣ කියවා වර්තමාන අවලම් වැඩ වහගන්න හදන්න එපා... ඕවා හැම රටකම වූ කැරැලි උද්ඝෝෂණ යුද්ධ වලදි, තමුන්නැහැලා ඡන්දෙන් පත්වෙලා ඕවා කරන්න හදන්න එපා.

:       9       20

Menaka Monday, 26 February 2024 11:48 PM

අධිකරණ 27 ගිනි තියපු එක පැත්තකින් තියමුකෝ. ඔය මාලිමා නායකයෝ එක්කෙනෙක්වත් ඉන්නවද කියලා හොයල බලන්න තමන් රස්සාවක් හරි බිස්නස් එකක් හරි කරලා කීයක් හරි හම්බ කරපු . ඉතින් එහෙම ගෙදරක ආර්ථිකයක් වත් මෙහෙයවපු නැති මිනිස්සු කොහොමද රටක ආර්ථිකයක් රන් කරන්නේ

:       15       12

Kazi Shajahan Tuesday, 27 February 2024 09:59 AM

ඔය පරණ කතා අහලා අපිට එපාවෙලා තියෙන්නේ..., අපි දන්නවා තවත් ඕවා ඕනෑ නැහැ.

:       0       1

fairoos Tuesday, 27 February 2024 10:53 AM

ඩීල් දාස ගැන නොදන්නා අය ඕවා පිළිගනී...

:       0       1

සෙනෙවිරත්න Tuesday, 27 February 2024 01:10 PM

මේනකා, ඔයාට ප්‍රශ්නය ඒකද? මහින්දගේ පුත්තු රේස් පැද්දේ ඔයාගේ සල්ලි වලින්ද? පක්ෂෙක විනය තියෙනවා නම් මුදල් ගැටලුවක් නැහැ. ඒවා වෙලාවට පෙන්වයි. රටේම සල්ලි කාබාසිනියා කරලා ඒත් මදිවෙලා කාටද ඔය කඩේ යන්නේ...?

:       1       1

borubus Tuesday, 27 February 2024 01:52 PM

පාලකයෝ යහපත් නම් කැරැලි ඇතිවේද?

:       0       1

Shan Tuesday, 27 February 2024 02:52 PM

ඩීල්දාස තාමත් කියවනවා. මෙයා දෙපැත්ත කන, තමාගේ වාසියට වැඩකරන තවත් කෙනෙක්. මෙයාට නම් රැවටෙන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 37 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site