(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 28 දොඩංගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් එක් අයකු තුවාල ලැබූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි.
එම අනතුරින් අධිවේගී මාර්ගයේ මාතර දෙසට මං තීරුව මුළුමනින්ම වැසී ගිය අතර වම් පස ආරක්‍ෂිත වැටක් නොමැති.
ස්ථානයක් වූ එම ප්‍රදේශයේ වාහන ගමනාගමනයට මාර්ගයට අවශ්‍ය පහසුකම් සැලසීමට පොලිස් නිලධාරීන් පියවර ගත්ත.
අල ලූනු තොගයක් පටවා ගත් ලොරියක් කොළඹ සිට පිටිගල දක්වා යාමේදී රථයේ පිටුපස රෝද දෙකම පිපිරි යාම හේතුවෙන් මාර්ගයේ හරස් අතට පෙරළී ලොරියේ ඉදිරිපස කොටස මාර්ගය මැද ආරක්ෂිත යකඩ වැටී ගැටී ඇතැයි පොලිසිය කියයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ වාහන ගමනාගමනය වේග සීමාව අඩු මට්ටමක රඳවාගෙන ධාවනය කිරීමට රියදුරන්ට සිදුවිය
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධිවේගයේ ලොකු අනතුරක්
Rohana Saturday, 06 January 2024 08:03 AM
රෝද ගෙවුන වාහනයට ඔරොත්තු නොදෙන බර පැටවූවාහන පොලවේ රශ්නය නිසා රෝද පුපුරායාම සිදුවේ. මෙවැනි වාහන අධිවේගයට ඇතුල්කිරීමට අවසර නොදිය යුතුය.
Lax - Doha Saturday, 06 January 2024 08:20 AM
අධිවේගී මාර්ගයක තිබෙන මංතීරු මදි. අඩු තරමින් මංතිරූ 3ක් සහ දෙපැත්තට වෙන්න emargency මංතීරු 2 වෙනම තිබිය යුතුයි. බර වාහනවලට අවසාන මංතීරුව ලබා දිය යුතුයි. වාහනයක් කැඩුණු විට අපගේ මුළු අධිවේගී මාර්ගයම වැසිය යුතුයි.