
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 74.දශම 2 ඇල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී එයට යට වීමෙන් කුඩා දැරියක මියගොස් තවත් කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් කීප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අනතුරට පත් වූවන් අතර ගැබිණි මවක්ද සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .අනතුරින් මියගොස් ඇත්තේ කතරගම වැඩිහිටි කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 2 මාස 2 වයසැති දැරියකි.
කැලණිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගි වීම සඳහා පවුල් කිහිපයක සාමාජිකයන් පිරිස රැගෙන මත්තල සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයේ ටයරයක් පිපිරී යාමත් සමගම වෑන් රථය පෙරළී අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටී ඇතැයි පොලිසිය කියයි.

(ඡායාරූපය-එම්.කේ.නන්දසේන)
.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගයේ පෙරැලුණු වෑන් රියට යටවී දැරිය මරුට
චන්දිම Wednesday, 14 August 2024 01:42 PM
වාහනයේ ටයර් ගෙවී තිබීම හෝ එසේ නොවී ටයරයේ කල් ඉකුත්වීම නිසා අනතුර වුණා වෙන්නත් පුළුවන් වගේම තව කාරණයක් තියෙනවා කියන්න. දිනක් මම අධිවේගයේ නියමිත් වේගයට අනුව කාර් රථයක් ධාවනය කරමින් සිටියදී හදිසියේම මට පෙනුණා පාරේ තිබුණා ලොරියක් වැනි වාහනයකින් ගැලවී වැටුණු මුරිච්චි ඇණයක්. මට ඒක පෙනුනේ බොහෝම ළඟටම ආවාට පස්සේ. ඒ වෙලාවේ පොඩ්ඩක්වත් හරවන්න වෙලාවක් නැහැ. තව වාහනයක් මගේ වාහනය ඉස්සර කරනවා. සුක්කානම ඉතා තදින් අල්ලාගැනීම හැර වෙනත් දෙයක් කරන්න කිසිම විදියක් නැහැ. රෝදය ඇයට උඩින් ගියා. වාහනය උස්සලා ගැහුවා වගේ හොඳටම ගැස්සිලා ගියා. පෙරලි නොගොස් බේරුනේ පුරුවේ කළ පිනකට වෙන්න ඇති....
ජයනාත්Wednesday, 14 August 2024 03:50 PM
දැන් අධිවේගී මාර්ගය හොඳටම අබලන් සමහර තැන්වල පාරෙ වලවල්. සමහර තැන්වල කාපට් ඉවත්වෙලා. ගල් මතුවෙලා. පාලම අසල ගැටි මතු වෙලා. අනතුරු වැඩි වෙන්න තවත් හේතුවක් ඒක...