IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධිවේගයේ කඩවත - මීරිගම කොටස යළි පටන් ගනී?

(දමිත් වික්‍රමසේකර)

චීන අපනයන සහ ආනයන බැංකුව සමඟ මෙරට ණය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමත් සමඟ ණය අර්බුදය හේතුවෙන් අතරමග නවතා දමා තිබූ ව්‍යාපෘතිවලට වෙන්වී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන අපනයන - ආනයන බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමත් සමඟ මෙම මුදල ශ්‍රී ලංකාවට භාවිතයට ගැනීමට හැකියාව ලැබී තිබෙන බව එම නිලධාරියා පැවැසුවේය.

එලෙස භාවිතයට ගැනීමට නිදහස් වුණ මුදල් අතර වසර තුනකට අධික කාලයක් ප්‍රමදවූ කඩවත - මීරිගම අධිවේගී මාර්ගය සඳහා වෙන්වුණු මුදල්ද තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

මුදල් නිදහස්වීමත් සමඟ ප්‍රමාදවී තිබූ බොහෝ මාර්ග ව්‍යාපෘති ආරම්භ වනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

එම ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන අපනයන - ආනයන බැංකුව සමඟ නව කොන්දේසි සාකච්ඡා කරන බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදල නිදහස් කරගැනීමට හැකිවීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ ප්‍රමාදවූ මාර්ග ව්‍යාපෘතිවලින් බහුතරයක් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවැසුවේය.

එම මුදල නිදහස් කර ගැනීම සඳහා ලබන මාසයේදී චීන අපනයන - ආනයන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කරන බවත් එම මුදලේ පළමු වාරිකය සාකච්ඡා ආරම්භ කර මාස 2 ක් තුළ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

අධිවේගයේ කඩවත - මීරිගම කොටස යළි පටන් ගනී?

Chandima Monday, 01 July 2024 04:49 AM

ඒ කියන්නේ මේ බිලියන් ගාණත් අරගෙන ගෙවන්නේ නැතුව කල්දාපු ගොඩට එකතු වෙනවාද? ඒවායෙන් ලබන කොමිස් අරගෙනම රට පනින්න පුළුවන්

:       63       24

ජුනයිඩ් නානා Monday, 01 July 2024 07:59 AM

අද හෙටම කරණමක් ගහනවා ෂුවර්. සජිත් අනාථ වන්නට නියමිතයි.

:       23       22

duminda Monday, 01 July 2024 10:19 AM

දැන්ම ඉදන් කෙල හලනවා ඇති ව්‍යාපෘතිය මතක් වෙලා. දැනෙනවා මේ පාර හන්දි ගෙවිලා යන්නම

:       23       13

MRR .Pinnawala Monday, 01 July 2024 11:10 AM

හොඳ වැඩක් .ඒ වගේම මගෙන් යෝජනවාක් .දැනට දෙහිවල දක්වා ඉදිකොට ඇති මුහුදු බඩ මාර්ගයත් පානදුර දක්වා ඉක්මනින් හදන්න පටන් ගන්න.දවස පුරාම මොරටුවේ කොල්ලුපිටිය දක්වා පවතින වාහන තදබදයටත් විසඳුමක් වේවි.එම මාර්ගයේ වැඩ ළඟදීම පටන් ගන්නවාද

:       0       32

Swarna Mudunkoth Tuesday, 02 July 2024 08:38 AM

අධිවේගී මාර්ගය හදන එක ගොඩක් හොදයි. නමුත් පිටරටින් ඩොලර් ණයට අරන් ඒවා නොගෙවා අපේ ඉදිරි පරම්පරාව නයාකාරයෝ කරන එකට දැන් ඉන්න දේශපාලකයෝ වග කියනවද. අනෙක ඡන්දයක් ළග එද්දී තමන්ගේ ගෝල බාලයන්ට වරදාන දෙන්න මෙහෙම කරනවානම් ඒක ලොකු අපරාධයක්.

:       0       1

Dammika Tuesday, 02 July 2024 08:40 AM

රනිල් නැවතිලා තිබුණ සංවර්ධන කටයුතු යළි අරඹනවා. රට හදන නියම සැළසුම් ඇත්තේ ඔහුටම පමණයි....

:       1       3

ජයා Tuesday, 02 July 2024 09:41 PM

ප්‍රමාදවීම් ගාස්තුත් ගෙවන්න වෙලැද මන්දා. සම-හරක් රටට හොදක් වෙනකොට කිඹුල්ලූ හොයනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site