IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධිවේගයේ අනතුරු දෙකකින් 6ක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 25.5 දොඩංගොඩ සහ ඒ ආසන්නයේ සිදුවූ  තවත් අනතුරකින්  සිව් දෙනකුගෙන් යුත් එංගලන්ත ජාතික පවුලක් ඇතුළු හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.

තුවාල ලද විදේශීය පිරිස අතර මව පියා සහ දියණියන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි. එංගලන්ත ජාතික පවුලේ පිරිස රැගත් සුඛෝපභෝගී වෑන්රථය කටුනායක ගුවන් තොටුපොළ කරා යමින් සිටියදී ඉදිරියෙන් කොළඹ දෙසට ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුරට ලක්වීමෙන්එංගලන්ත ජාතික යුවළ සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා තුවාල ලබා ඇතැයි පොලිසිය  පැවසීය.

එයින් මඳ වේලාවකට පසු  දොඩංගොඩ දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් ලොරියක පිටුපස ගැටීමෙන් මෝටර් රථයක් අනතුරට පත් වී  ඇත.  එහිදී ලොරි රියදුරු සහ සහායක ද තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (5)

අධිවේගයේ අනතුරු දෙකකින් 6ක් රෝහලේ

රම්බොඩ Tuesday, 01 April 2025 10:12 AM

ලොරි රථ වැනි බර වාහන වලට වම් මංතීරුවේ පමණක් ගමන් කරන නිතිය තියෙන්න ඕන. වෙනත් රටවල එහෙමයි. බර වාහන අධිවේගයේ රේස් යනවා. මේවා පාලනය කරනොගත්තොත් තව තව අණතුරු වෙයි.

:       0       22

ගුණරත්න Tuesday, 01 April 2025 11:02 AM

අධිවේගයේ අනතුරක් කිව්වොත් හැමදාම වගේ අහන්න ලැබෙන්නේ ලොරියක පස්සේ හැප්පිලා වුනු අනතුරු,

:       0       18

Tuan Babanoor Tuesday, 01 April 2025 12:34 PM

බර වාහන වල පිටිපස්සෙන් හැප්පිලා තමා හුගක් අනතුරු වෙන්නේ . හේතුව : සමහර බරවාහන දුවන්නේ Kmph 50 වගේ. අඩිවේගයේ අවම වේගය Kmph 80 කරන්න.තවද ටයර වල ප්‍රෝෆයිල් නැති වාහන සහ ප්‍රමිතියට නැති වාහන වලට අඩිවේගයට ඇතුල් වීමට ඉඩ නොදී යුතුය. සියලුම බර වාහන වමෙන් ගමන් කර යුතුය

:       0       3

Neel Tuesday, 01 April 2025 01:31 PM

අඨීවේගයේ යන්න පලපුරුද්දක් තියෙන්න ඕන ...

:       0       1

ISHARA Tuesday, 01 April 2025 02:11 PM

බර වාහන හිමින් යන එක තමයි අවුල, උපරිම වේගය 100km/h , කරා වගේම, අවම වේගයත් 70km/h වත් කරන්න ඕනි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site